
(අංජුල මහික වීරරත්න)
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වශයෙන් දැනට සේවය කරනු ලබන ගනේෂ අමරසිංහ මහතා සේවා අවශ්‍යතාව මත වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, ඒ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, ඒ හේතුවෙන් පුරප්පාඩු වන මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට, දැනට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඕපාත විතාන චන්දන තිලකරත්න මහතා පත් කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විදින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
SaraBoy Wednesday, 05 February 2025 10:27 PM
පසුගිය කාලේ අපේ රටේ මිනිසුන් මාලිමාවට කැම්පේන් කරද්දි කියපු පොදු දෙයක් තියෙනවා.ඒක තමයි අපි මාලිමාවට වැඩ කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන් නොවේ කියන එක. මේ වදන මිනිසුන්ට වගේම රාජ්‍ය නිලදාරනිටත් පොදුවේ භාවිත වුණ එකක්. ඒ වගේම මාලිමාව නිතර කියපු දෙයක් තමයි අපි දේශපාලන පලිගැනීම් කරන්නේ නැහැ ...අපි පසුගිය ආණ්ඩු වගේ නිලදාරින් දඩයම් කරන්නේ නැහැ කියන එක. තව දෙයක් තමයි පවතින රජයන් තමයි නිලදාරින් පත් කරන්නේ..නමුත් පසුගිය රජයන යම් තනතුරු සඳහා දේශපාලන පත්වීම් කරා. ඒ වගේම සැබෑ දක්ෂයන්ටත් තැන දුන්නා. ඒ වගේම පහුගිය ආන්ඩු තමන්ට රිසි නැති නිලදාරියෙක් ඉවත් කරේ ඔහුට වෙනත් ස්ථානයක තනතුරක් දීලා. බොහොම අඩුවෙන් තමයි සංචිතයට දැම්මෙ. ඒ වගේම පහුගිය ආන්ඩු මාරු වුන අවස්ථාවල ප්‍රධාන ලේකම් වගේ අයෙක් කවදාවත් සංචිතයට දැම්මෙ නැහැ. ඔවුන්ට ඊට සරිලන තනතුරක් දුන්නා. අත්තනොමතික විදිහට මේ මාරු කරන නිලදාරින් වසර ගණනාවක් මේ රටේ පුරවැසියන් වෙනුවෙන් වැඩ කරපු අය. අතලොස්සක් ඉන්නවා අයථා වැඩ කරපු අය. නමුත් මාලිමාවට ඒ අය අහුවෙලා නැහැ. ඒ අය මොන ආන්ඩු ආවත් ජාමෙ බේරගෙන ඉන්නවා.