IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුතුරාජවෙල පර්යන්ථයේ බවුසර් 40 ක් සිරකරගනී

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මුතුරාජවෙල පර්යන්ථයෙන් මුදල් ගෙවා ඇනවුම් කළ ඉන්ධන පැටවූ බවුසර් 40 කට ආසන්න සංඛ්‍යාවකට ඊයේ (31) පස්වරුවේ එම පර්යන්ථයෙන් පිටවීම නොදීම නිසා එම ඉන්ධනහල් හිමියන්ට වැඩි වූ මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදූ බවත් බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ චෝදනා කරති.

එම ඉන්ධන බවුසරවල ඉන්ධන ලීටර ලක්‍ෂ 3 කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ බවත් එම ඉන්ධනවලට වැඩි වූ මිල ගෙවීමට සිදුවන තත්වයක් උද්ගත වී ඇති බවත් පිරවුම්හල් හිමියෝ කියති.

පිරවුම්හල් ඉන්ධන ඇනවුම් නොකරන්නේ යැයි බලශක්ති අමාත්‍යවරයා චෝදනා කළ පසුබිමක් තුළ මේ ආකාරයට මුදල් ගෙවූ ඇනවුම් සිරකිරීම අනුමත කළ නොහැකි බවත් හිරවුම්හල් හිමියෝ සඳහන් කරති.

මෙම සිද්ධිය පිළිබඳව මුතුරාජවෙල පර්යන්ථයේ උසස් නිලධාරියෙක්ගෙන් කළ විමසුමකදී පැවසුවේ ඔහු ඊයේ දිනයේ කලින් සේවය අවසන් කර පිටව යෑම නිසා එම සිද්ධිය පිළිබඳව නොදන්නා බවයි. 



අදහස් (3)

මුතුරාජවෙල පර්යන්ථයේ බවුසර් 40 ක් සිරකරගනී

de silva Tuesday, 01 August 2023 02:49 PM

වැඩිමිලට ගත්තාට පාඩුවක් නැහැ... විකුණන්නෙත් වැඩි මිලට නිසා ...

:       0       0

ravin Tuesday, 01 August 2023 06:25 PM

මිලට බයේ සෙඩ් 162ක් හැංගිලා. ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි. කිව්.ආර්. නිසා ඉන්ධන භාවිතය පහළ බැහැලා මුතුරාජවෙල පර්යන්ථයේ බවුසර් 40 ක් සිරකරගනී සිනොපෙක්’ ඉන්ධන බෙදාහැරීම අරඹයි. මේක හොඳින්ම කියෙව්වොත් දැනගන්න පුළුවන් වෙයි පිටිපස්සේ ඉන්න උදවිය ගැන...

:       1       0

Lalla Wednesday, 02 August 2023 09:26 AM

අවසාන ප්‍රතිඵලය. සිපෙට්කෝ ඉක්මනින්ම වලපල්ලට යැවීම. පෞද්ගලික අංශය වෙළඳපොළ ආක්‍රමණය කිරීම මේ වගේ දේවලින් ඉක්මන් වෙනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site