IMG-LOGO

මෛත්‍රීගේ සමාව අපිට එපා

3

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.

ඔහුට කතෝලික ජනතාවගෙන් සමාව ඉල්ලීමට සිහිපත්ව ඇත්තේ වසර 4කට පසු කරමුලටම හිරවූ අවස්ථාවේ බවත්, සමාව ඉල්ලීමට අවශ්‍ය නම් මෙය සිදුවූ මොහොතේ ජනාධිපතිධූරයෙන් ඉවත් වී කළ යුතුව තිබූ බවත් පියතුමෝ කීහ.

තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය සිදුවන්නට සැලැස්වීම විශාල වරදක් බවත්, යුද්ධය කාලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලට එය සමාන කළ නොහැකි බවත් පියතුමෝ සඳහන් කළහ.

තොරතුරු ලැබුණු නිලධාරීන් තමාව දැනුවත් කර නොමැති බවත්, තමා පත්කළ නිලධාරීන් වගකීම් පැහැරහැරීම නිසා තමන්ට වන්දි ගෙවන්නට සිදුවූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ නඩු තීන්දුව හරි ආකාරයෙන් කියවා නොමැතිව විය යුතු බව ද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමෝ කීහ.

සහරාන් සම්බන්ධයෙන් සිදුවීම් වාර්තා වෙද්දීත් ජනාධිපතිවරයා ඒ ගැන නොසලකා කටයුතු කිරීමත්, පහළ නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබීමත් නිසා මෙන්ම ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස වගකීම් පැහැර හැරීම, විදෙස්ගත වන විට වැඩබලන ඇමතිවරයෙක් පත්කර නොයාම ආදී වැරදි ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇතැයි ද පියතුමෝ සඳහන් කළේය.

කතෝලික සභාව එම නඩු තීන්දුව හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්, දෙවියන්වහන්සේ වෙනුවෙන් සමාව ඉල්ලීමට එතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයකු නොවන බවත් පියතුමෝ පැවසූහ.

සියලුම ජනතාවගේ ආරක්‍ෂාව තැකීමට ලක්නොකිරීම නිසා එතුමා රටේම ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු යැයි ද පියතුමෝ කීහ.



අදහස් (14)

මෛත්‍රීගේ සමාව අපිට එපා

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 31 January 2023 06:09 PM

ජනපති ධූරයේ ඇති බලතල හා වරප්‍රසාද නිසා ඔළුව උදුම්මා ගෙන ඒකාධිපති වියරුවෙන් ඔහු කටයුතු කළා.ඒ වගේම,රටේ සියළු ආරක්ෂක බලතල තමන් සතුවම තියා ගත්තා. අගමැතිවරයාව හෝ ආරක්ෂක මණ්ඩලයට කැඳවා ගත්තේ නැහැ.දැන් සමාව ඉල්ලීමෙන් තමන්ගේ නොසැලකිල්ල නිසා නැතිවු වටිනා මිනිස් ජීවිත වලට හා ඔවුන්ගේ පවුල්වල අයට සෙතක් වේද ?

:       0       7

Bamunuarachchi Tuesday, 31 January 2023 06:21 PM

මෛත්‍රී මොන කෙන්ගේඩියකටද සමාව ගන්නේ? සෑමදෙයක්ම් සිද්ද වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා ඒගොල්ලන්ට අමතකයි.

:       7       3

Bamunuarachchi Tuesday, 31 January 2023 06:44 PM

පාදිලි තුමෝ එහෙනම් පල්ලි වලතිබෙන පාපොච්චාරණය ඉවත් කරමුනේද? ප්‍රහාරය කරපු එවුන් සමාව ඉල්ලුවේ නැහැ නේද?

:       6       2

chandima Tuesday, 31 January 2023 06:55 PM

දෙවියන් වහන්සේ වරදකරුවන්ට සමාව දුන්නට කතෝලික සභාව දෙන්නේ නැහැ වගේ ?

:       2       1

sharm warnWednesday, 01 February 2023 01:09 PM

ඔනම පාපතර වැඩක් කරල දෙවියන් වහන්සෙගෙන් සමව ඉල්ලපුවම සේරම හරි යනව නම් අර හිර ගෙවල් වල ඉන්න ඔක්කොම ඔය වැඩෙ කරයි නේද? කොහොමත් ඔයාගෙ කවුරුවත් එතන මලේ නැති නිසා ඔයාට දාර්ශනික පිලිතුරු දෙන්න ඉතාම පහසුයි. .

:       0       2

බද්රානි Tuesday, 31 January 2023 08:17 PM

ඔය පාපතරයට දෙවියන්ගෙන් නම් කවදාවත් සමාවක් ලැබෙන්නේ නැහැ. බඩ ගොස්තරය වෙනුවෙන් දේශපාලකයින්ගේ දෙපතුල් ලෙවකන තක්කඩි පුජකයින්ට කතෝලික පුජකයෝ ආදර්ශයක්. මළමිනී මතින් V8 පදින්න තරම් උමතුවක් මේ පුජක තුමාලට නොමැති බව පේනවා. සමාවට කලින්, ඔය පාස්කු ප්‍රහාරයේ මහමොල කාරයින්ට අපි දාන ශාප වදිනවා සිකුරුයි!!

:       0       4

sujeewarThursday, 02 February 2023 09:36 AM

ඒ කාලේ දළදා මාලිගාවේ, ජය ශ්‍රී මහා බෝධියේ, අරන්තලාවේ වගේ එකී මෙකී නොයෙක් තැන්වල බෝම්බ පිපිරෙනකොට, දහස් ගණන් මිය යන කොට මේ සියළු දෙනා ඒකට විරුද්ධ වෙලා කෑ ගහපු තරමට දැන් වහසි බස් දොඩනවා මදි ද මන්දා.... ඒ ත්‍රස්තවාදීන්ට අන්තර්ජාතිකයෙනුත්, මානව හිමිකම් වලිනුත් සමහර ආගම් වලිනුත් මදි නොකියන්න රැකවරණය තියෙනවා... සිංහලයාට අතීතය අමතකයිනේ අප්පා..... ඒක නිසා මොන ආගමේ වුනත්, මොන ජාතියේ වුනත් මොන වාදයේ වුනත් ත්‍රස්තවාදියා අපේ රටේ හැමදාමත් සතුටින් යෙහෙන් වැජබෙනවා...

:       0       0

Bamunuarachchi Tuesday, 31 January 2023 10:04 PM

පාදිලි උන්නැහේ දෙවියන්ට නේද ඉස්සෙල්ලම මේ ප්‍රහාරය නවත්තන්න පුළුවන් කම තිබුනේ? ඇයි දෙවියෝ මේ ප්‍රහාරය නැවතුවේ නැත්තේ. දෙවියන්ට බැරි උනාද දෙවියන්ට ඕනේකමක් තිබුනේ නැත්ද මේක නවත්තන්න? මෛත්‍රී මොන කෙන්ගෙඩියක් කොරන්නද? මෛත්‍රීට පුලුවන්ද දෙවියනේගේ කැමැත්තට ඉහලින් යන්න.

:       4       3

Bamunuarachchi Tuesday, 31 January 2023 10:07 PM

පාදිලි උන්නැහේ සමාව දෙන්නේ ඔහෙලා නොවෙයි ඔය කියන දෙවියන් වහන්සේ. සිද්ද උනේ දෙවියන්ගේ කැමැත්තට නම් අමුතුවෙන් සමාවක් ඕනේ නැහැ නේද?

:       4       2

sharm warn Wednesday, 01 February 2023 01:12 PM

අනෙ බමුනු. . නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහ ගනන් එපා.. එ මිනිහ කිව්වෙ " ඩෙවියන් වහන්සේ වෙනුවෙන් එ මිනිහා සමාව ඉල්ලනවා" කියලනෙ, , එ කියන්නෙ බොම්බ පුපුරවලා තියෙන්නෙ දෙවියන් වහන්සෙ. . කෙටියෙන් කිව්වොත් පල්ලියෙ හිටපු අයම තමයි බොම්බෙ ගහගෙන තියෙන්නෙ.. එහෙමද? කට පත්ත අදිනකොට අර පස්ස පැත්තෙ තියෙන කුඩා මොලෙත් ටිකක් පාවිච්චි කරල ඇත්ත සාධාරන දෙයක් කිව්ව නම් තමයි හොද. . .

:       0       2

sharm warn Wednesday, 01 February 2023 01:17 PM

අඩු ගානෙ කතෝලික සභාවෙ පාදිලි උන්නැහෙලා නෑ කියලා වත් මෙ පාදඩ බමුනට කියල දෙන්න බැරි කතුවරයගෙ වගකීම මොකද?

:       0       3

BamunuarachchiThursday, 02 February 2023 09:11 AM

මට කතෝලික සභාව ගැන දැනගන්න උවමනා නැහැ . මම දන්නා දේ තමයි ලංකාවේ 1956 පෙර තිබුන කතෝලික බලවේගය. එය දැන් නැවත ඔලුව උස්සගෙන එන්න හදනවා වගෙයි. මට පල්ලියේ සිටින කවුරුත් පාදිලි උන්නැහේලා.

:       2       0

BamunuarachchiThursday, 02 February 2023 09:49 AM

"එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමස්ත කතෝලික ජනතාවගෙන් සමාව අයැද සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය." මෙතැ කොහෙද දෙවියන් වෙනුවෙන් සමාව ඉල්ලනවා කියන්නේ. පාදිලි උන්නැහේට සිංහල බැරි උනාට සිරිසේනට සිංහල බැරි නැහැ.

:       2       0

Bamunuarachchi Thursday, 02 February 2023 09:00 AM

ඔව් ඔව් ක්‍රිස්තියානි කාරයෝම තමයි බෝම්බේ ගහ ගෙන තිබෙන්නේ. බෝම්බේ ගහන දිනය, වෙලාව, ගහන පල්ලි දැනගත්ත ක්‍රිස්තියානි කාරයෝ ඒ බව පල්ලියට නොකිව්වානම් උන්ම තමයි බෝම්බෙ ගහගෙන තිබෙන්නේ . ඔබ වැනි පාදඩයෙකුට උත්තර දෙන්න මගේ කුඩා මොලය හොඳටම ප්‍රමාණවත්. "පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සමාව අයැදීම" කොහේද පාදඩයෝ මෙතැන සිරිසේන දෙවියන් වෙනුවෙන් සමාව ඉල්ලනවා කියලා පාදිලි උන්නැහේ කියන්නේ? පාදිලි උන්නැහේ තැන් තැන්වල දේවල් අපිට දාලා නැහැ.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site