IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මෛත්‍රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි

(මුදිතා දයානන්ද )

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුට යොමු කරන ලද ලිපිය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.

පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවට එකතුවීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවකට අනුව ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවටත්, විනය පරීක්ෂණයක් කරන බවටත් දැනුම් දෙමින් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාස කීපයකට පෙර ලිපියක් නිකුත් කළ බව ද මධ්‍යම කාරක සභාව පෙරේදා රැස්වී අත්හිටුවීමට තීරණය කළේ එම ලිපිය බව ද ඔහු පැවසීය.

එම ලිපිය අත්හිටුවීමට තීරණය කළේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිවිල් අභියාචනාධිකරණයේ පවරන ලද නඩුවකට ලැබී ඇති තීන්දුව හා සාමාජිකත්වය අත්හිටුවන ලද අනෙකුත් අය විසින් එවන ලද ලිපියක් පදනම් කරගනිමින් බව ද ඔහු කීවේය. එම ලිපිය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අලු‍තෙන් එකතු කරන ලද සංශෝධන පදනම් කරගනිමින් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා අභියෝගයට ලක් කර ඇත්තේ එම කරුණු බව ද කී මහලේකම්වරයා ඒ නිසා මෙම ලිපිය අත්හිටුවීමට තීරණය කළ බව ද පැවසීය.

එහෙත් පක්ෂයේ තීන්දුවට එරෙහිව යමින් ආණ්ඩුවත් සමග එකතුවීම පිළිබඳව ඔවුන්ට තිබෙන චෝදනා අහෝසි නොවන බව ද මහලේකම් ජයසේකර මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේ දී තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.



අදහස් (1)

මෛත්‍රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි

gamaraala Wednesday, 07 June 2023 05:07 AM

කොහොමත් සිරිසේනයි දයසිරියි එකතුවෙලා ශ්‍රී ල නි ප් ඉවරම කරනවා සිකුරුයි . ඊළඟ චන්දෙදි ඔය පක්ෂෙන් පාර්ලිමේන්තු ආවොත් එන්නේ ඔය දෙන්නගෙන් එකෙකෙනෙක් විතරයි . ලොකු දෙයක් කුරුණෑගලයි පොලොන්නරුවෙයි මිනිස්සු මේ දෙන්නම ගෙදර තිබ්බොත් .

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site