(සුජිත් හේවාජුලිගේ )
මත්පැන් පරිභෝජනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව 79 වැනි ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ අධික ආර්ථික පීඩනය හමුවේ මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බවයි.
මත්පැන් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවියද සියයට 40 කින් අඩුවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්පැන් බීම ලෙල්ලටම බැහැලා
ලොකු දෙයක් !! Friday, 04 November 2022 01:40 PM
අරක්කු විකුණලා සල්ලි හම්බ කරපු ආණ්ඩුවක්, ඒ ආණ්ඩු කරවපු මන්ත්‍රිලා 80%කම බාර් ලයිසන් තියෙන රටක් මේක. මේ රට මෙහෙම දුවනවා ඇති...
Janaka Friday, 04 November 2022 02:07 PM
කණගාටුයි, රටකට වෙච්චි දෙයක්..!
ravin Friday, 04 November 2022 02:26 PM
මත්පැන් බොන්න තියා වතුර බොන්නවත් හිතෙන්නේ නැහැ, බිල්ටික දැක්කාම...!
"මුතු ඇටය මත් ඇටයට බිලි !" Friday, 04 November 2022 02:55 PM
මත්පෙත්ත මුලු රටම ආක්‍රමණය කරපු නිසා වෙන්න ඇති...!
බද්රානි Friday, 04 November 2022 02:57 PM
ඔය සංඛ්‍යා දත්තවලට ලංකාවේ කසිප්පු නිෂ්පාදනය හා අලෙවියත් ඇතුළත්ද? තව ටික කාලෙකින් රෝහල්වලට පෝලිමේ එද්දී නියම දත්ත ටික ලැබෙයි. බෙහෙත් කරන්න යන වියදමත් හොඳවෙයි. ශරීරයට හිතකර කෑමක් බීමක් කාලා සතුටින් ජීවත් වෙන්නත් පින තියෙන්න ඕනෑ. වෙනත් රටවල නම්, බියර්, වයින් කියන්නේ ඔවුන්ගේ එදිනෙදා ආහාර වේලේම කොටසක්. කොහෙද ඉතින්, උපාසකයින් බොන්නේ හොරෙන්නේ...
ranjith Friday, 04 November 2022 03:01 PM
බාර් වැඩිහරියක් අයත් වෙන්නේ කාටද කියලා කවුරුත් දන්නවනේ... අහිංසක මිනිස්සුන්ගේ මුදල් හූරාකන අයට හරියන්නේ නෑ.
BamunuarachchiSaturday, 05 November 2022 08:21 AM
බාර් කාට අයිති උනාම ඔහෙට මොකෝ මට මොකෝ. හාල් පිටි සිනි ගෙන්වන්නේ බෙදාහරින්නේ කවද කියා ඔබ දන්නවාද? අපිට ඒවායින් වැඩක් නැහැ හොඳ හාල් සීනි පිටි හා කොලිටි මත්පැන් ලාබෙට ලැබෙනවානම්. ලංකාවේ පරසිද්ද ආරෝග්‍ය ශාලාව බිත්තියේ ලියා තිබෙනවා හෘද රෝද අඩුකර ගන්න fantastic seven කියල්ල කරුණු 7 ඉන් එකක් තමයි පිරිමි කෙනෙකුට දවසකට drinks දෙකක් ගැනීම. එමනිසා හෘද රෝද අඩුකර ගන්න එමනිසා හාල් සීනි පිටි වල වගේම මත්පැන් මිලත් අඩුකරන්න කියන්න.
Gamage Friday, 04 November 2022 04:41 PM
මේ ගණනය කිරීම් කරන්න ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් පරිභෝජනය මත වෙන්න ඇති. මේකට නීතිවිරෝධි කස්සිපු, ගංජා, අයිස්, මත්පෙති ඇතුළත් නෑ. ආර්ථික අර්බුද හා නීතිය වල් වැදීම නිසා නිතීවිරෝධි මත්ද්‍රව්‍ය හැමතැනම වැහිවැහලා....!
Bamunuarachchi Saturday, 05 November 2022 08:11 AM
මත්පැන් පරිභෝජනය අඩුවෙලා නැහැ කසිප්පු නිෂ්පාදනය හා බාවිතය වැඩිවෙලා තිබෙනවා. එනිසා රජයට ලැබෙන ආදායම අඩුවෙලා තිබෙනවා. රජයට ලැබෙන ආදායම වැඩිකර ගන්න හා ජනතාව සතුටින් තියන්න ඕනෙනම් මත්පැන් බදු අඩුකරන්න.