IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රිමාන්ඩ්

(සුරංග රාජනායක)

මත්පෙති ජාවාරමේ යෙදුණු පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ ප්‍රධාන මහේත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගෙලිඔය කරමඩ පදිංචි කෝණාරත්න මුදියන් සේලාගේ වර්ධන කුඹුරේ ගෙදර මද්දුම බණ්ඩා වර්ධන කුඹුර යන අයයි.

මොහු වේදනා නාශක අධිමාත්‍රා ඖෂධ වර්ග මත්පෙති ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කරන ජාවාරමක කාලයක් තිස්සේ නිරත වෙමින් සිටියදී ඇත්ගාල පොලිසිය මගින් ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එවැනි ජාවාරම්කරුවකුට මෙවැනි මත්පෙති වර්ග දෙකක් අඩංගු පෙති 1600 ක් රුපියල් එක්ලක්ෂ හැටදහසකට අලෙවි කිරීම සඳහා දහතුන දින රාත්‍රියේ එකොළහට මොහුගේ මෝටර් රථයෙන් මෙම ස්ථානය වෙත පැමිණ සිටියදී උපාය දූතයන් මාර්ගයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියන් දෙදෙනෙකු සඳහන් කර සිටියේ කුඩු ලෝලී න්ගෙන් හා සොර සතුරන්ගෙන් බේරා ගැනීම සඳහා මෙම ඖෂධ වර්ගය වෛද්‍යවරයා ළඟ තබාගත් බවයි.

නමුත් ඇත්ගාල පොලිස් ස්ථානාධිපති සෙනරත් කැකුළන්දර මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ වෛද්‍යවරයා සේවය කරන්නේ පේරාදෙණිය රෝහලේ බවත් නිවස ගෙලිඔය බවත් මොහුගේ එක් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් දොළුව මාර්ගයේ තිබෙන බවත්ය.

එසේ තිබියදී ජයමාලපුර ප්‍රදේශයට පැමිණ  එක් පුද්ගලයකුට මහා රාත්‍රියේ මෙවැනි විශාල ඖෂධ තොගයක් මුදලට අලෙවි කිරීම සිදුකළ නොහැකි බවය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය එම කරුණු සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරයා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. 



අදහස් (1)

මත්පෙති ජාවාරමේ යෙදුණු දොස්තර රිමාන්ඩ්

Hafeel Thursday, 15 February 2024 02:18 PM

මෙම නීතිඥ දෙදනාම රටට ඉතා අවශ්‍ය සම්පත් නීතිඥලා. එහෙම නීතිඥ දෙදනාම සඳහන් කළ පරිදි එහම කුඩු ලෝලීන්ගෙන් බේරීම සඳහා තමන් සතුව තියාගන්න නැතුව, ළඟ ඇති පොලීසියට බාර දෙන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site