IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මත්ද්‍රව්‍ය-දේශපාලකයා ළඟ නෑයෝ

(අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12)පැවසීය.

දරු පරපුර මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ අනතුර ගැන සෑම විටම අසන්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා එය රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් අවසන් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බව සඳහන් කළේය.

"චිත්‍රය භයානකයි.මේ කළු ව්‍යාපාරය සෑම තැනකම අතු පතර විහිදවා පැතිර තිබෙනවා.පොලිසිය තුළ,හමුදාව තුළ,රේගුව තුළ ආදී ක්ෂේත්‍ර ගණනාවක මෙය පැතිර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙනවා.විශාල ලෙස මුදල් සංසරණය වෙනවා. නිල හමුදා කඳවුරු වල තිබෙන ආයුධ පාතාලයට එනවා.අපට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් මෙය නොදැක්කා වගේ ඉදිරියට යාමයි.නැති නම් මීට එරෙහිව සටන් කිරීමයි. අප කළ යුතු වන්නේ කුමක්ද? තබන ලද පියවර කිසි ලෙසකින් ආපසු හරවන්නේ නැහැ.මේ රටේ මේ ව්‍යසනය අප අවසන් කළ යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුක දිසානායක මහතා මේ බව සඳහන් කළේ කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීමේ උත්සවය අමතමිනි.

බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී මෙම උත්සවය පැවැත්විණි.

 



අදහස් (6)

මත්ද්‍රව්‍ය-දේශපාලකයා ළඟ නෑයෝ

Mohan Sunday, 12 October 2025 09:25 PM

ඔබට පමණි මත්ද්‍රව්‍ය උවදුර නැති කළ හැක්කේ. නොපමාව කරන්න උතුමාණනි . ඔබ නියම වීරයෙක්.

:       9       5

Damith Sunday, 12 October 2025 10:33 PM

ඔයා දැන් මොනව කිව්වත් අපි විශ්වාස කරන්නෑ. මිනිහෙකුට මේ වගේ බොරු තොගයක් කියන්න බැහැ. හරිම පිළිකුල් සහගතයි.

:       8       12

සමන් විමල් Monday, 13 October 2025 09:58 AM

ඔබ හරි ජනාධිපති තුමා , සනාගෙ මාමා දේශපාලකයෙක්. දේශපාලකයන්ට හොදට කෑමබීම දීපු කෙනෙක් ..

:       0       11

සමන් විමල් Monday, 13 October 2025 09:59 AM

ඔබ හරි ජනාධිපති තුමා , සනාගෙ මාමා දේශපාලකයෙක්. දේශපාලකයන්ට හොදට කෑමබීම දීපු කෙනෙක් ..

:       0       8

Asela Monday, 13 October 2025 10:45 AM

හැම හන්දියකම කතා කරන්න එපා. දණ්ඩ නීති සංග්‍රහය හදිසියේ සංශෝධනය කර එය කරන්න. ඔබ කතා කරනවා මිසක් ඒක කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඔබ නිකම්ම නිකම් කතාකාරයෙක්.

:       0       0

Gavin Monday, 13 October 2025 12:05 PM

හරිනේ ඉතින් . පචයා කියන්නේ පූවක්දණ්ඩවේ සනා ගැන වෙන්න ඇති

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site