(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල ඕවල් ක්‍රීඩාංගණය අසල මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර මැද පෑලියගොඩ" මල්වත්තේ අමිල" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා තවත් පුද්ගලයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් පලාගිය රතු පැහැති එම සුඛෝපභෝගී මෝටර් රථය පෑලියගොඩ පරාක්‍රම මාවතේ කන්ටේනර් අංගනයක සඟවා තිබියදී විනාඩි කීපයක් තුළදී සොයා ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දෙමටගොඩ මිහිදු සෙන්පුර මහල් නිවාස සංකීර්ණයේ දී හොරයින් මත්කුඩු ග්‍රෑම් 150 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳ අනාවරණය වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් බොරැල්ල ඕවල් ක්‍රීඩාංගණය අසලට ගොස් ඇත.
එහි ගිය පොලිස් නිලධාරීන් මෝටර් රථය පරික්ෂා කිරීමට සූදානම් වීමත් සමඟම මෝටර් රථය තුළ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙසට ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ දරා ඒ සමගම මෝටර් රථය පණ ගන්වා පොලිස් නිලධාරීන් යට කිරීමට උත්සාහ කිරීමේ දී පොලිස් කණ්ඩායම පිටතට පැන වෙඩි තබා බේරී තිබේ.
එම වෙඩි ප්‍රහාර තුනක් මෝටර් රථයේ පිටුපස පෙදෙසට හා වීදුරු වලට වැදි ඇති බවද පොලිසිය කියයි.
ඒ සමගම පොලිස් නිලධාරීන් මෝටර් රථය පසුපස හඹා යාමේදී එය දෙමටගොඩ බේස්ලයින් මාර්ගය හරහා පෑලියගොඩ දෙසට වේගයෙන් ගමන් කිරිමත් සමගම පොලිස් නිලධාරීන්ට එය මගහැරී ඇති අතර පසුව ලද තොරතුරකට අනුව විනාඩි කිහිපයක් තුළදී මෝටර් රථය කන්ටේනර අංගනය තුළ සඟවා තිබියදී සොයා ගැනීමට ගැනීමට හැකි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් වෙඩි මැද පලායයි
SISIRA Thursday, 31 August 2023 03:55 AM
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් ගේ වෙඩි ප්‍රහාර මැද පෑලියගොඩ" මල්වත්තේ අමිල" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හා තවත් පුද්ගලයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා ගයේ නම් "එය මහා පරිමාණ වැටලීමක් වන්නේ කෙසේද ?" නිසි උපායන් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදුකරනාවූ මහා පරිමාණ වැටලීම් වලදී කිසිවකුට පලායාමට නොහැකිය