IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැණික් පොකුරේ කෝටි හතරක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

විශේෂ සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ  රසායනාගාරයකට යැවූ කිලෝ ග්‍රෑම් පන්සිය දහයක් බරැති   මැණික් පාෂාණය( Rough Sapphire Cluster)  නැවත මෙරටට ගෙන ඒමේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය අදාල බලපත්‍රලාභියාගෙන්  රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අයිතිකරු මෙම මැණික් පාෂාණය  රුපියල් කෝටි 203 කට තක්සේරු කර තිබූ බවද  එහි දැක්වේ.

පාෂාණ තක්සේරු සහතික පත්‍රයක් ලබා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ගැබ්ලින්  රසායනාගාරයට යවා දින 443 කට පසු නැවත මෙරටට ගෙන ඒමේදී නැව්ගත වටිනාකමින් සියයට එකක් අදාළ බලපත්‍ර ලාභියාගෙන් අයකර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරය ඉදිකිරීමේ  වැඩ කටයුතු අතරමග නතර කිරීමෙන් ඒ සඳහා වැය කෙරුණු මුදල නාස්තිවී ගොස් තිබූ බව විගණන  විමර්ශනවලදී හෙළි වී ඇත.

 

 



අදහස් (1)

මැණික් පොකුරේ කෝටි හතරක් වතුරේ

විමර්ශනා Monday, 25 March 2024 06:00 PM

අයකර නොගත්තා වුණත් බලපත්‍ර ලාභියාගේ අතින් වියදම් වෙලා ඇතිද කියලා බැලුවේ නැද්ද? ලංකාවේ පරිහානියට කිසිම වියදමක් ගැන පසුවිපරමක් නොකිරීම හේතුවක් කියලා හිතෙනවා... ඒකට ඉතින් සුදුසුකම් සහිත ඇමැති කෙනෙක් මෙන්ම දක්ෂතා සහිත ඉහළම නිලධාරින් ඉන්නත් ඕනෑ. ඒ අතර ඇමැතිට එහෙමයි කියන ලේකම්ලා හිටියොත් වැඩකුත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site