(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
චීන, තායිලන්ත ජාතිකයින් අයථා මුදල් යොදා ගනිමින් මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම අයථා අන්දමින් මිලදී ගැනීමේ ජාවාරමක් හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක අපේක්ෂිත බදු මුදල් නොලැබෙන තත්වයක් පවතින බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාර පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට මේ හේතුවෙන් අසාධාරණයක් සිදුවන බවද එහිදී තොරතුරු හෙළිවිය.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ආනයනය, අපනයනය සහ ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එම කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.
මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරික සංගම් නියෝජිතයින්, මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්, මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (කෘෂිකර්ම සහ පරිසර) ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.
ශ්‍රී ලංකාවේ මැණික් සඳහා විදේශයන්හි පැවැති කීර්තිමත් නාමය නැවත ඇති කර ගැනීම සඳහා කටයුතු කිරීම සහ මැණික් අපනයනයෙන් සහ ප්‍රතිඅපනයනයෙන් මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට කටයුතු කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අපේක්ෂාවවූ බව කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා එහිදී පෙන්වා දුන්නේය.
මැණික් ප්‍රතිඅපනයන සඳහා ආනයනය කිරීමේදී පනවා ඇති සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දෙන් එම ක්‍රියාවලිය නිදහස් කිරීමට දැනටමත් සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු එහිදී පෙන්වා දුන්හ.
මැණික් ප්‍රතිඅපනයනය සඳහා කුරියර් මඟින් ආනයනය කිරීමේදී මෙලෙස සියයට 2.5 ක බදු මුදලක් ගෙවීමට සිදුවුවද ඇමරිකානු ඩොලර් 200ක් පමණක් ගෙවීමෙන් ඉතා විශාල වටිනාකමකින් යුත් මැණික් තොගයක් වුවද අතෙහි ගෙන ඒමට (Hand luggage) හැකි බවද මෙහිදී තොරතුරු අනාවරණය විය. මැණික් ව්‍යාපාරිකයින්ගෙන් මැණික් අපනයනයේදී ලාභය මත අයකරනු ලබන සියයට 30ක ආදායම් බද්ද පිරිවැටුම මත සියයට 2.5 වශයෙන් අයකිරීමට ඇති හැකියාව සලකා බලන ලෙසද ව්‍යාපාරිකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැණික් ජාවාරමකින් කෝටි ගණනක බදු මුදලක් වතුරේ