(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට කෝටි 10ක වන්දියක් නියම වූණේ තමා කළ වරදක් සඳහා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපති වරයාටද ඇති බව සඳහන් වන හෙයින් තමාට ඒ දඩ මුදල නියම වූයේ යැයිද එවැනි සදහනක් නොතිබුණේ නම් තමා නිර්දෝෂී පුද්ගලයකු වන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ නැතැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.