IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මට වුණ වැරැද්ද නිවැරදි කරන්නේ කවුද’යි ඥානසාර හිමියෝ අසති

 
(කේ බුද්ධික කුමාරසිරි)
 
“මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කරලා තියෙනවා. ඒක නිවරැදි කරන්නේ කවුද? නිවරැදි කරන්නේ කොහේදී ද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක නිවරැදි කරන්න කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා” යැයි සිරගතව සිටින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (26)  හෝමාගම අධිකරණ භූමියේ දී පැවසූහ.


ඉකුත් 2012 වර්ෂයේ දිනක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී එහි රාජකාරී කළ පොලිස් නිලධාරීන්ට හා අධිවේගී මාර්ග සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා පෙනී සිට නැවත බන්ධනාගාරයට යාම සඳහා බන්ධනාගාර බස් රථයට ගොඩ වන අවස්ථාවේදී උන්වහන්සේ මෙලෙස පැවසුහ. 

 

 

 (356)



අදහස් (14)

මට වුණ වැරැද්ද නිවැරදි කරන්නේ කවුද’යි ඥානසාර හිමියෝ අසති

Achini Monday, 26 November 2018 09:17 AM

නඩු ගොඩායි නේද?

:       482       641

premMonday, 26 November 2018 11:15 AM

ඔයා අබෞද්ධයෙක්ද?

:       121       151

Anton austriaMonday, 26 November 2018 02:15 PM

අබෞද්ධයෙක්ද, බෞද්ධයෙක්ද නෙමේ... වැදගත් දේ, වැරැදි දේ වැරදි විදිහටත් හරි දේ හරිවිදිහටත් දැකීමත්ය.

:       120       167

BamunuarachchiTuesday, 27 November 2018 03:04 AM

Anton austria, මහත්මයෝ වැරදිදේ වැරදි විදිහට දැක්කොත් තවත් වැරදී නේද? අපි වැරදි දේ වැරදී කියා දකිමු නේද? මේ හාමුදුරුවෝ අබෞද්ධයෙක් කියන්නේ ඇයි? දන්නා කෙනෙක් පහදා දෙන්න.

:       3       126

dias Monday, 26 November 2018 10:33 AM

නඩු කැතයි නේද.?

:       508       464

varuna Monday, 26 November 2018 11:11 AM

ඒ කියන්නේ මෙයා එතන නිලධාරීන්ටත් රාජකාරියට බාධා කරලා නඩුත් දාගෙන... කිසිම හික්මීමක් නැති කෙනෙක්. නඩු කීයක්ද? ඉස්සර බීලා වාහන එලවලා, පස්සේ උසාවියට අපහාස කළා කියලා. අනේ මන්දන්නේ නැහැ මේ හැසිරීම් භික්ෂූත්වයට සුදුසුද? කියලා.

:       339       600

Udaya Monday, 26 November 2018 11:20 AM

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව නම් හිරේට යාම නිවැරැදියි. චෝදනා ඉතාම වැරැදි කියනවා නම් පවතින නීතිය සංශෝධනය විය යුතුයි. හැබැයි ඒ සඳහා පිළිගතයුතු ක්‍රමවේදයක් තියනවා. එමගින් සමාජ අසාධාරණ ක්‍රියාවන් සාධාරණීකරණය වන්නේ නම් නැත.

:       79       166

පෙරුමාල් Monday, 26 November 2018 11:22 AM

ඉතින් නිවැරැදි කරන්නනේ උසාවිය තියෙන්නේ, නඩුකාරයින් ඉන්නේ...

:       76       244

Nana Sara Monday, 26 November 2018 11:48 AM

නඩු පිට නඩු තමයි...

:       36       63

Amila Monday, 26 November 2018 12:57 PM

උසාවියේ නැගිටලා පාරේ වගේ චන්ඩි කතා කියපු එකට තමයි ඔබවහන්සේට ඔය දඬුවමට ලක්වුණේ. ඔහොම හැමෝම විනයක් නැතුව නැගිටලා කතා කරන්න පටන් ගත්තොත් කොහොම වෙයිද? මුලින්ම නීතිය ඉගෙන ගන්න. නීතිය නොදන්නකමත් වරදක්... මේ ඔක්කොම ඔබ වහන්සේගේ වරදින් වුණු දේවල් මිසක් වෙන අය පළි නෑ. ගරු අධිකරණයට මෙහෙම යළිත් අපහාස කරන්න එපා නොදන්න ඒවා අායෙත් කියවලා....

:       0       325

Buddika Monday, 26 November 2018 02:09 PM

මහින්දගේ ආණ්ඩුව කාලෙනේ ඔබ වහන්සේ මෙහෙම කළේ..? ආණ්ඩු මාරුවෙලා නීතිය ඉටුවන බව අමතක වුණා නේද? කට අරින්න කලින් මොලේ පාවිච්චි කළා නම් හරිනේ. උසාවිය වෙලාවේදී උසාවියට අපහාස කිරීම වරදක් නෙවෙයිද? හාමුදුරුවනේ කෝපය, වෛරය, අසංවරකම බෞද්ධ හිමිනමකට නුසුදුසු බව දන්නවා.

:       46       286

Nuwan Monday, 26 November 2018 03:34 PM

දෙවියොම බලාගනී.... බයවෙන්න එපා

:       235       28

Don Monday, 26 November 2018 03:36 PM

මෙයා එළියේ හිටියා නම් අර පාර්ලිමේන්තුවේ පෝරිසාදයන්ට එකතුවෙනවා....

:       0       14

පතිරණ Wednesday, 28 November 2018 04:26 AM

මෙයාව කරලියට ගෙනාවේ එක්තරා දේශපාලන පවුලක් විසින් ජාතිවාදය ඇවිස්සීමේ කොන්ත්‍රාත්තුව කිරීම සඳහායි.

:       0       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 713 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17916 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 766 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site