IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා  දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඔබ තුමන් මහේස්ත්‍රාත්වරයෙක්  බව  මම දැනගත්තේ අද පත්තරවල වලින් ඒ  වෙන තෙක් ඒ බවක් මම දැන සිටියේ නැහැ. අනේ සර් මට සමාවෙන්න නැති බැරිකමටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම් යැයි කියා අඩංගුවට ගැනීමට හොයන සැකකරු පවසා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

සැකකරු කළේ යැයි කියන මෙම ප්‍රකාශයට අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමට ගොස් නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

අතිරේක දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී ඇත.

අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු අතිරේක දිසා විනිසුරුවරයාට කතා කිරීමට යොදා ගත් ජංගම දුරකථන අංකය ඔස්සේ ඔහු සිටින ඉසව්ව හොයාගෙන අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා මෙහෙයුමක් දියත් කර ඇත.

අතිරේක දිසා විනිසුරුවරයා ඔහුට අයත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස විකිණීමට පළකර තිබූ දැන්වීමක් අනුව නිවස මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයකු විනිසුරුවරයා නිවසේ ඉහළ මහලේ කාමරයක සිරකර රථය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය එකොළොස් වැනිදාය. 

පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (2)

මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක්

pakeer Tuesday, 14 February 2023 08:48 AM

ලක්ෂ 60 සුකෝපභෝගී රථය මොකක්ද කියල කියන්නකො

:       0       6

Jaja Friday, 17 February 2023 06:15 AM

ජජාලා දේපල විකුණන බ්රෝකර්ලා වුණාම ඔහොම තමයි. පොලිසිය කියන දේවල් නම් විශ්වාස කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 65 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site