(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සුසාන භූමියේ නවතා තිබූ මෝටර් රථය තුළ ගෙල සිර වන සේ පිරිසකගේ කූර වධහිංසාවට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ ජනශක්ති සමූහ ව්‍යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්‍රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් තහවුරු කළේය.
රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව පවසමින් ඊයේ 15 දහවල් නිවෙසින් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.
ඔහුගේ බිරිඳ ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර දුරකථනය ක්‍රියා විරහිත වීම නිසා බිරියගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇත.
වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව දන්වා බොරැල්ල සුසාන භූමිය වෙත යවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමාසිරකර තිබියදී සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය කියයි.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .
සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක තිබූ බව පොලිසිය කියයි.
ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කිසියම් පිරිසක් එක්ව සභාපතවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙන විත් මෙලෙස කූර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝ දුරට සැක කළ හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෝටර් රථය තුළ බැඳ තිබූ ජනශක්ති සභාපති මරුට
ranjith Friday, 16 December 2022 03:53 AM
හොඳට තිබුණු රටකට උන වැඩක්
Shaf Friday, 16 December 2022 04:27 AM
මට නම් ඔහුගේ බිරිඳව තමා සැක
ලුම්බිණි Friday, 16 December 2022 05:08 AM
ණය දුන්නම නෑදෑයෝ යාළුවො විතරක් නොවෙයි අද කාලේ ජීවිතෙත් නැතිවෙනවා. හරිම කනගාටුදායකයි.
C.K.Lankaputhra Friday, 16 December 2022 05:23 AM
මේ රට මගෙ රට මගේම මව් රට හැදෙන වැඩෙන රට මා ඉපදුන රට. මං මොකට උපන්නද දං නෑ.
Nikil Friday, 16 December 2022 08:43 AM
මා නොවන මම