
(තිසර සමල්)
ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙකි.
මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් නිමවී නිවසට තමන්ගේ පා පැදියෙන් පැමිණෙමින් සිටියදී වූ මෙම අනතුරින් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත. එම සිසුවාගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව තිබිණි.
සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය , සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබිණි.අනතුරින් පා පැදියට මෙන්ම මෝටර් රථයටද දැඩි අලාභ හානී සිදුව තිබිණි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝටර් රථයෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී
චින්තක Wednesday, 17 May 2023 06:27 AM
මෝටර් රථයට නම් රක්ෂණ ගෙවීම් ලැබේවි රියදුරුට නින්දයාමෙන් රියදුරාත් බේරේවි. ඒත් මේ අහිංසක රටට සම්පතක් වීමට සිටි දරුවා දෙමාපියන්ට සැමදා වේදනාවක් දේවි .එම දරුවාට අමාමහ නිවන්සැ ප ලැබේවා යි පතමි
Bunny Preena Wednesday, 17 May 2023 09:07 AM
බෙහොම කනගාටුදායක මරනයක්. විරුද්ධ දිශාවෙන් පැමිනි රිය අදික වෙගයෙන් පැමිණ එති බව සිදුව ඇතිදෙයින් සනාත වෙනවා. රියඳුරු බීමත්ව රිය පදවාව ඇති බවකුයි පෙනෙන්ට තියෙන්නෙ. එහෙමත් නැතිනම් පෙරකදෝරු උන්නෙහෙලා කියලා දෙනවා වගෙයි " නින්ද ගිය " බවක් හෝ " තිරින්ගවල අක්‍රිය වීඑමක් " කියන්ට ඉඩ තියෙනවා.