
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක් සැකකරුගේ අතට දමා තිබූ මාංචු ඇද ගලවා මාංචු කුට්ටම සමග ඊයේ (29) පලාගොස් ඇතිබව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇත්තේ බූස්ස ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5750 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11320 ක් සමග සැකකරුවන් දෙදෙනකු වැල්ලබඩ ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (31) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
ඒ අනුව ගාල්ල පොලිසියේ සැරයන්වරයකු විසින් එම සැකකරුවන් දෙදෙනා අත්විලංගු යොදා පෞද්ගලික ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන එමින් සිටියදී සැකකරු අනෙක් සැකකකරුගේ අතට යොදා තිබූ මාංචු ඇද ගලවා මාංචු කුට්ටම සමග පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාංචු සමඟ සැකකරු පැන ගිහින්
karolis Thursday, 30 January 2025 10:45 PM
චේතිය රජ වුණාම පෝය දෙකෙන් කුඩු ඉවරයි කියල කවුදෝ කිව්වා වගේ මතකයි.