(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
සුරාබදු ආරක්ෂක නිලධාරින්ගේ අත්අඩංගුවෙන් මිදි මාංචු කුට්ටමද සමග පලාගියා සැකකරැවන් දෙදෙනා ගෙන් එක් අයෙකු ඔහුගේ නිවසේදි අද (02)දින අත්අඩංගුවට ගත් බවත් අනෙකා පැමිණ භාරවු බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතා පැවසිය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්තේ නොච්චියාගම,බෝගස්වැව ප්ර.දේශයේ පදිංචි වයස අවුරැදු 18 තරැණයෙකි.ඔහු සන්තකයේ තිබු මාංචු කුට්ටමද සුරාබදු නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ.එම ප්රඩදේශයේම පදිංචි අනෙක් 24 හැවිරිදි සැකකරැ සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පිහිටි විශේෂ මෙහෙයුම් කාර්යාලයට පැමිණ බාරවි තිබේ.
සුරාබදු විශේෂ හෙහෙයුම් ඒකකයේ නිලධාරින් පිරිසක් විසින් මොවුන් මත්කුඩු පානය කරමින් සිටියදි නොච්චියාගම බෝග්සවැව ප්රනදේශයේදි අත්අඩංගුවට ගෙන ජිප් රථයකින් අනුරාධපුරයට රැගෙන යමින් සිටියදි සිංහාරගම ආසන්නයේදි මාංජු පිටින් පෙරේදා (31) දින රාත්රින පලාගොස් තිබුණි.
සැකකරැවන් අද (02)දින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරැව එක් අයෙකුට රැපියල් හත්දහසක දඩයක් නියමවු බවත් එම දඩ මුදල් ගෙවිමෙන් අනතුරැව ඔවුන් මුදාහැරිය බවද සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු පැවසුහ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිරෝෂ් ජයකොඩි මහතාගේ උපදෙස් මත සුරාබදු පරික්ෂක අමිල සේනානායක මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් විසින් සැකකරැවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාංචුත් එක්ක පැන ගිය සැකකරුවෝ අත්අඩංගුවට