IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මගී නැවතුමට බසය කඩා වැදිලා:ආච්චිත් මුණුපුරාත් රෝහලේ

( තිලකරත්න දිසානායක)

ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන  මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන් , බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත. 

පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ වැලිවේරිය දෙසට ගමන් ගැනීම සදහා  බස් නැවතුමේ සිටි 65 හැවිරිදි මිත්තණියක සහ 16 හැවිරිදි මුණුපුරෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

මිත්තණියගේ  පාදවලට හානි වී ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කළාය.  

බස්රථය දුරකථන රැහැන් කණුව ගැටී එයද කඩාවැටී තිබූ අතර බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ යක්කල පොලීසිය සදහන් කරයි. 

මෙම අනතුර සම්බන්ධයෙන්  යක්කල පොලිස් රථවාහන අංශාධිපති උප ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබිණි. 

 



අදහස් (0)

මගී නැවතුමට බසය කඩා වැදිලා:ආච්චිත් මුණුපුරාත් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site