IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


’’මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි’’

(බිමල් ශ්‍යාමන්)

තමන්ට විවිධ පාතාල කණ්ඩායම් වලින් ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස  පවසා නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අද(22) මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ  සභාපති ලසන්ත වික්‍රමසේකර  මහතා ඉකුත් අගෝස්තු මස 29, වෙනිදින  පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි  වාර්තාවේ.

එම ලිපියේ මෙලෙස සඳහන්ය.

මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි,

මා වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේ දී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජනන එල්ල විය.

මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය විසින් මා හට දැනුම් දුනි.

මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.

ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි. 

 



අදහස් (8)

’’මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි’’

ගුණරත්න Wednesday, 22 October 2025 10:08 PM

ආණ්ඩු ඇමතිලා මහා උඩඟු ලෙස දේශනා කලේ තර්ජනයක් තියෙනවා නම් බුද්ධි විශ්ලේෂණ කර අවශ්‍ය පියවර ගන්නවා කියලා. කෝ ගත් පියවර, මේ මනුස්සයා තමන් මරා දමන්න ඉඩක් තියෙනවා කියා තිබෙන්නේ මාස ගාණකට කලින්.

:       87       187

Udugampola Thursday, 23 October 2025 07:36 AM

සමාජ මාධ්‍ය වල කොමෙන්ට් වලින්ම තේරෙනවා මේ මනුස්සයට තිබුනු තර්ජනයේ තරම. මේක හොරාට ජවිපෙ ත්‍රස්ඨයන් කරපු වැඩක් නෙමේ. එලිපිටම කරපු වැඩක්.

:       0       0

කැකිල්ලේ නීති Thursday, 23 October 2025 07:42 AM

හැබැයි මාලිමාවට කඩේ යන ඉතාම පහත් විදියට මිනිස්සුන්ටත් මඩ ගහන යූටියුබ් කාරයෙක්ට නම් ආරක්ශාව දීලා තිබුනා. දැඩි ඒකාධිපති වාදයක් දැන් රටේ යන්නේ.

:       0       0

ravin Thursday, 23 October 2025 08:41 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙන බව අපි අසා ඇත්තෙමු.

:       0       1

Raix Khan - Maradana Thursday, 23 October 2025 09:04 AM

අනේ ගුණයෝ... පාතාලේ ගේම් දීලා සුදනෝ වෙන්න හැදුවට වැඩක් නෑ. කළ පව් එනවා පස්සෙන්... ගුණයා නියෝජනය කළ දේශපාලන ප්‍රවාහයම පත්කළේ කොටසක්නේ... දුකයි නුඹලා වගේ මන්ද මානසිකයින් ගැන.

:       0       1

saman Thursday, 23 October 2025 09:23 AM

පාතාල කල්ලි ඇයි මේ හොද මනුස්සයාවම මරන්න බලන්නේ... ඇයි ඒක ලිපියේ දක්වලා නැත්තේ?

:       0       0

Rata Perata Thursday, 23 October 2025 11:34 AM

බල්ලොත් එක්ක නිදිය ගත්තාම බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. පාතාලය එක්ක සෙල්ලම් කරනකොට ඔහොම තමයි. මේවා ගුණරත්න වගේ නූගත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට රටේ සාමාන්‍ය ජනතාව දන්නවා.

:       8       4

ජයනාත් Thursday, 23 October 2025 01:44 PM

ඒ කියන්නේ පාතාලය සමඟ මොකක් හරි ගනුදෙනුව ක් තියෙනවා. නැත්නම් අනෙක් සභා වලටත් මෙහෙම දෙයක් තියෙන්න එපැයි .

:       6       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1296 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1236 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site