IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මගේ ගෙදර රත්තරන් අශ්වයෝ නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමාගේ ලොකු දුවගේ ගෙදර රත්රන්  අශ්වයන්  සිටියා යැයි  කියන කතාව බොරුවක් බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික්   පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා  පාර්ලිමේන්තුවේදී අද(24) පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ  මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද ප්‍රකාශ කළේය.

මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු  කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ  නැහැ. මම  කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජනාධිපතිවරයෙකු මේ රටේ කෞතුකාගාරයක් හදල නැහැ. කොළඹ කෞතුකාගාරය හැදුවේ සුද්දෝ. නමුත් මම කෝටි සීයක් වැය කරලා තට්ටු හතරක විශාල ගොඩනැගිල්ලක් හැදුවා.
දුවගේ ගෙදර හොරුකඩපු එක එක්තරා මාධ්‍ය ආයතනයක පත්තර කියවන කෙනෙකු ඉතාම අශීලාචාර ලෙස තමයි කිව්වේ . රාජ්‍ය නායකයෙකුට තෑග්ගක් දුන්නම ඒක දුවගේ ගෙදර තියෙනකොට හරිද කියලා ඇහුවා. කටාර් සංචාරයේදී  ඒ රටේ නායකයා  මගේ ආරක්ෂාවට ගිය අයටත්  ලක්ෂ දහයක් විතර වටිනා ඔරලෝසු දුන්න. මට නිල වශයෙන් දෙන එකක් දුන්නේ. මම ජනාධිපති කාලෙ මට හම්බවෙච්ච සියලුම තෑගි ඒ කෞතුකාගාරයේ තියෙනවා. ඔක්කොම තියෙන කාමරයක් තියෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒ තෑගි වලට කළේ  මොනවද කියලා මම දන්නේ නැහැ.



අදහස් (14)

මගේ ගෙදර රත්තරන් අශ්වයෝ නැහැ

Prabha Wednesday, 24 January 2024 02:51 PM

කෝටි 100 කුඹුරේ වී විකුණලා ගත්තු සල්ලි වෙන්න ඇති...

:       0       1

abaran Wednesday, 24 January 2024 03:35 PM

අනේ මේ උන්නැහේ ඔහේගේ කැරැට්ටුව හංගන්න දෙයක් නැහැ. කවුරුත් දන්නවා. දේශපාලනයෙන් හම්බකරේ නැතිනම් ඔහේගේ පුතාව එංගලන්තේ යවලා උගන්වන්න සල්ලි හොයන්න ඇත්තේ බුලත්විට විකුණලා වෙන්න ඇති නේද? ඔහේගේ දුව අර හබරණ තියෙන තිදස් අරණ හෝටලය රටකජු විකුණපු මුදලින් වෙන්න ඇති ගන්න ඇත්තේ...!

:       0       1

Tilvin Wednesday, 24 January 2024 03:47 PM

මෙයා කිව්වොත් කියන්නේ බොරු...!

:       0       1

nilu Wednesday, 24 January 2024 04:09 PM

අනේ පවු එයා...!

:       0       1

Senarath Wednesday, 24 January 2024 04:16 PM

කෝටි 100ක් ඕනෙද කෞතුකාගාරයක් හදන්න... ඒකෙන් ගස්යට පන්ති පවත්වන පාසල් කීයකට ගොඩනැගිලි හදලා දෙන්න තිබුණද? 

:       0       1

Cham Wednesday, 24 January 2024 04:50 PM

ඉතිහාසයේ දුර්වලම රාජ්‍ය නායකයා...

:       0       1

siyathu Wednesday, 24 January 2024 05:20 PM

අශ්වයෙක් නෙවෙයිනේ, ඔටුවෙක්නේ හිටියේ... ඒක ඉතින් කවුරුත් දන්න දෙයක්නේ...!

:       0       1

Amal Wednesday, 24 January 2024 08:09 PM

සිරිසේන මහත්තයෝ, ඇයි අපේ විරුවත් කෞතුකාගාරයක් හැදුවේ ජනතා බදු මුදලින්. ඔබතුමාත්, කෝටි සීයක් වැය කරලා තට්ටු හතරක කෞතුකාගාරයක් හදන වෙලේ, ඔය ටික කොළඹ කෞතුකාගාරයට දාල, කෝටි සීයක් වැය කරලා, ගොවි ජනතාවට වැව් ටිකක් පිළිසකර කර දුන්නානම් වඩාත් හොඳයි නේද ? හෙට අනිද්දට, අපේ පින් ජනාධිපතිතුමාත් කොළඹින් තවත් කෞතුකාගාරයක් හදයි ලෝකේ වටෙන්ම හම්බවෙන තෑගි ටික අඩුක් කරලා තියන්න...

:       0       2

Bamunuarachchi Thursday, 25 January 2024 03:09 AM

එහෙනම් කාගේ ගෙදරද ඉන්නේ. ආප්ප කාල ඒ ආණ්ඩුව පෙරලුවේ ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ අල්ලලා හොරුත් අල්ලන්න නේද? කෝ මොකද උනේ?

:       0       1

Perera Thursday, 25 January 2024 04:50 AM

කෝටි 100 ක් වියදම් කරලා වැඩකට නැති කෞතුකාගාරයක් හදපු වෙලේ ඔය කෝටි 100 න් ජනතාවගේ සුභසිද්ධියට ඕක වැය කරන්න තිබුනේ නැද්ද ?

:       0       2

chandima Thursday, 25 January 2024 05:07 AM

එදා එහෙනම් ඒවා බැංකුවේ සේප්පුවේ දාලා තියෙන්න ඇති

:       0       2

M. SAMAN PERERA Thursday, 25 January 2024 10:50 AM

පව් ,මහන්සි වෙලා ගොවිතැන් කරලා උපයා ගත්ත සල්ලි

:       0       1

සල්ලි Thursday, 25 January 2024 10:55 AM

උබලා ඔතනට යවලා තියෙන්නේ ඕවා කියවන්නද බන්?

:       0       1

Kumar Thursday, 25 January 2024 09:05 PM

සිරාගේ කතාව ඇත්ත. හොරු අරගෙන ගියාට පසුව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site