IMG-LOGO

මගීන් 22 ක් සමඟ නේපාල ගුවන් යානයක් අතුරුදන්

නේපාලයේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් අද(29) අතුරුදහන් වී ඇතැයි එරට බලධාරීහු නිවේදනය කළහ.

ගුවන් යානය අතුරුදහන් වන අවස්ථාවේ ඉන්දීය ජාතිකයන් හතර දෙනෙක් සමග  මගීන් 22 දෙනෙක් යානයේ සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් යානය නේපාලයේ පොඛාරා  නගරයේ සිට ජොම්සොම් නගරය බලා පියාසර කරමින් සිට ඇත.

අද(29) උදෑසන 10.15 ට පමණ පොඛාරා නගරයෙන් ගුවන් යානය පියාසර කිරීම ආරම්භ කර ඇති  අතර විනාඩි 15 කට පමණ පසු ගුවන් තොටුපොල  පාලක මැදිරිය සමග සම්බන්ධය විසන්ධි වූ බව බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දියානුවන් හතර දෙනාට අමතරව නේපාල ජාතිකයන් 13 ක් ,ජර්මානු ජාතිකයන් දෙදෙනෙකු,කාර්ය මණඩල සාමාජිකයන් තිදෙනෙකු ගුවන් යානයේ සිට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (0)

මගීන් 22 ක් සමඟ නේපාල ගුවන් යානයක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site