IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මගීන් සමග බසය මඟ නවතා රියැදුරා කුඩු ගහන්න ගිහින්

(තිලකරත්න දිසානායක)

පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමග දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි.

මේ වන විට අදාල බස්රථය ධාවනයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව පැවසූ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කළමනාකාර තිලක් වීරසිංහ මහතා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද කීය.

පසුගිය දිනෙක මගීන් සහිත බස් රථයක් නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය භාවිතා කිරීම පිනිස ගොස් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත රියදුරා අත් අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (2)

මගීන් සමග බසය මඟ නවතා රියැදුරා කුඩු ගහන්න ගිහින්

Lakmal Saturday, 28 October 2023 09:23 PM

මේක දැක්කාම ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ගැන ලොකු කලකිරීමක් දැනෙනවා. මත්ද්‍රව්‍ය නොගත්තත්, මොවුන් බස් එකේ හෝල්ට්වල නවත්තගෙන මිනිස්සුන්ව පැය ගණන් රස්තියාදු කරනවා. සෙනග ඉන්න වෙලාවෙ හරක් පටවනව වගේ මිනිස්සුන්ව ගෙනිහින් පුළුවන් තරම් සල්ලි හොයනවා. හවස හයෙන් පස්සේ බස් නෑ. පුද්ගලික බස් සේවය නියාමනය කරන එක අදාල බලධාරින්ගේ වගකීමක්. ඔවුන් මුකුත්ම කරන්නේ නෑ...

:       0       9

Dinesh Sunday, 29 October 2023 07:55 PM

මගීන් සමග බසය පිරවුම්හල්වලට ඇතුල් කර ඉන්ධන ලබාගැනීම නතර කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site