IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මගීන් දහස් ගණනකගේ ජිවිත අවදානමට ලක් කළ නිවේදිකාව

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය.

‘‘දෙවන වේදිකාවට ආ දුම්රිය මීගමුව බලා පිටත්වේ. එය මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා ඇත.‘‘

එම දැනුම් දීමට අනුව දෙමටගොඩ සිට රාගම දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් සලසා ගන්නා මගීහු එම දුම්රියට ගොඩ වූහ. දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදනම්වනවත් සමග යළි නිවේදනයක් කළාය. ඒ දෙවන වේදිකාවට ආ දුම්රිය දෙමටගොඩ සහ කැලණිය දක්වා නවත්වන බවත් කැලණියේ සිට රාගම දක්වා නොනවත්වන බවත් එම නිවේදනයෙන් කියැවිණි. 

ගමන් ආරම්භ කළ දුම්රිය යළි නතර කෙරිණි. කැලණියෙන් පසු හොරපේ දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් ලබා ගන්නා මගීහු දැඩි අපහසුවෙන් එම දුම්රියෙන් බැස ගත්තේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන දුම්රියෙනි. වගකීම් විරහිත සේවිකාවක නිසා දුම්රිය මගීහු දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වන බව මගීහු චෝදනා කළහ.



අදහස් (9)

මගීන් දහස් ගණනකගේ ජිවිත අවදානමට ලක් කළ නිවේදිකාව

Krishan Wednesday, 22 February 2023 10:31 PM

ඕක මරදානේ හැමදාම කැළණිය ස්ටේෂන් එකේ කරන්නේ වරද්දලා කියනවා නැත්නම් කෝච්චිය ඇවිත් යන්න ඕන්න මෙන්න කියලා තමයි යන කෝච්චිය යන්නේ කොහාටද කොහේද නවත්වන්නේ කියලා කියන්නේ කොළඹ කොටුවට අවුලක් නැහැ එතනින් එහාට තියෙනවා ස්ටේෂන් 3ක් එවාගේ අනිවාර්යයෙන්ම නවත්වන නිසා එත් උඩහට යන එවා ගැන කියන්න ඕන පැහැදිලිව එක කැළණිය ස්ටේෂන් එකේ කරන්නේ නැහැ

:       0       8

හේරත් Thursday, 23 February 2023 06:25 AM

කිරි කලයට ගොම බිංදුවක් වැටුණම ඒක ලොකු වට ගන්න ඕනෑම ද?

:       14       2

Seetha Thursday, 23 February 2023 06:43 AM

මරදානෙත් එහෙම වැඩක් කළා..

:       0       2

iks chandrasiri Thursday, 23 February 2023 06:58 AM

දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය දුම්රියක් නොවේ කිව්වා නම් ඊට වඩා හොඳයි.

:       0       3

ලලිත් Thursday, 23 February 2023 08:08 AM

මේ තැනැත්තියගේ ක්‍රියාව මහජන ජීවිත අනතුරේ හෙලීමට හැකි නිසා ඇයව තව දුරටත් ඔය රාජකාරියේ යෙදවීමට සුදුසු නෑ. ඒ වගේම ඔය කරපු දේ එහෙම වුණේ ඇයි කියලා විමර්ශනයක් අත්‍යවශ්‍යයි.

:       0       11

jaya Thursday, 23 February 2023 08:18 AM

නිවේදිකාව වරදක් කර ඇත. නමුත් මගීන් අමු හරක්. ඉදිරියට ඇති දුම්රිය පොළ වලින් බහින්නට අවස්තාව තියෙද්දී මොන එහෙකට යන දුම්රියෙන් බහිනවද ?

:       1       3

saman Thursday, 23 February 2023 08:23 AM

දුම්රියේ කොහේද වගකියන සේවකයෝ ඉන්නේ...?

:       0       1

ජගත් ලියනගේ Thursday, 23 February 2023 08:47 AM

ඕක මොකක්ද , ලංකාවේ ලොකුම එකා පිස්සු කෙළින විදියට ඕක ලොකු වරදක් නෙවෙයි .

:       5       11

අජන්ත Thursday, 23 February 2023 12:21 PM

මේක නිවෙදිකාවගේ වරදක් වෙන්න බෑ. එයාට ලියල දෙන එක කියවනවා ඇති. අනික යන තැන නොදැන දුම්රිය වලට නගින මිනිස්සුත් වැරදියි. යන දුම්රියෙන් බහින මිනිස්සුත් වැරදියි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site