IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මගීන්ගේ ගමන් මළුවලට බැස්ස අයෙක් මාට්ටු

(සුමිත්  පොතුපිටිය)

බස් රථ සහ දුම්රිය මගීන්ගේ ගමන් මළු සහ ජංගම දුරකථන සොරාගන්නා පුද්ගලයකු ලැප්ටොප් සහ ජංගම දුරකථන 37 ක් සමග ඊයේ (29) පස්වරුවේ  අත්අඩංගුවට ගත්බව කළුතර දිසාව අපරාධ කොට්ඨාශය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

දුම්රිය සහ බස් රථවල රාක්ක මත ගමන් මළු සහ ලැප්ටොප් සහිත බැග් තබා නිදාගන්නා මගීන් සහ වෙළද සැල් වල තබන ගමන් මළු ඉලක්ක කරගනිමින් සැකකරු සොරකම් සිදුකර ඇති බව වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරු විසින් සොරකම් කල ජංගම දුරකථන 32 ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 5 ක් සොයාගත් බවත්, ඔහු අත්අඩංගුවට ගන්නා මොහොතේ කුඩා ප්‍රමාණයේ හෙරෝයින් මත්කුඩු  පැකට් කිහිපයක්ද තිබූ බවද පොලිසිය කීය.

ප්‍රදේශයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

සැකකරු පොලිස් වසම් කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන කලක පටන් ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිස් ස්ථාන කිහිපයකට අවශ්‍ය කර සිටී සැකකරුවෙකු බවත් සදහන් වේ.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

අධ්‍යක්ෂක (වැබ) සහකාර පොලිස් අධිකාරී යූඩීඑල් ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වරුන්වන  උපුල් හර්ෂ සහ කේ. එම්.ඩී.මධුෂාන් , සැරයන් වරුන්වන  ගුනේන්ද්‍ර (55301), ප්‍රසන්න (69479), ජයසුරිය (69615) කොස්තාපල් වරුන්වන  තුෂාර (79335),   අංජුල  (98857) වැටලීමට එක්වූහ .



අදහස් (2)

මගීන්ගේ ගමන් මළුවලට බැස්ස අයෙක් මාට්ටු

Mangala Wednesday, 30 August 2023 02:55 PM

ඕවා ඇල්ලුවට දඬුවමක් නෑනේ

:       0       0

D.g. chamani piyangi Wednesday, 30 August 2023 09:08 PM

අනේ 21 වැනිදා මගේ ෆෝන් එකත් නැති උනා.ඒක තියනවද බලන්න මගේ No 0701611385 .මම පොලිස් ඇන්ට්‍රියක් දැම්මා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site