IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘මෝඛා‘‘ උතුරටත් තට්ටු කරයි

(රොමේෂ් මධුෂංඛ)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැනට සක්‍රීයව පවතින "මෝඛා" සුළි කුණාටුව මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති හෙයින් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරමින් තිබුනද එහි බලපෑම නිසා මෙරට ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවටත් 2023 වසරේදී බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෝඛා සුළි කුණාටුව ලෙසින් හැඳින්විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

පැයට කිලෝමීටර 150 - 175 ත් අතර වේගයකින් ඉදිරියේදී සුලිකුණාටුව චණ්ඩ විය හැකි බැවින් විශේෂයෙන් මුහුදු ගමන් යාමෙන් ධීවරයින් වැලකී සිටිය යුතු අතරම එහිදී ගාල්ල , මාතර, හම්බන්තොට, හරහා පුත්තලම, මන්නාරම, යාපනය කන්කසන්තුරය දක්වා මෙන්ම මුලතිව් සිට ත්‍රීකුණාමලය දක්වාත් මුහුදු ගමන් යාමේදී දැඩි අවධානමක් පවතින හෙයින් ධීවරයින් ප්‍රවේශම් විය යුතු බවටද දැනුම් දී ඇත.

මේ අතර සුලි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේද ප්‍රදේශ කිහිපයකට ගස්කඩා වැටීම් සහ නිවාස වලට සුලු හානි වාර් ථ වී ඇති අතරම ගස් කඩා වැටීමෙන් ගමනාගමනයටද බාධා එල්ල විය.



අදහස් (0)

‘‘මෝඛා‘‘ උතුරටත් තට්ටු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site