මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ.
අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලම ඉදි කර තිබුණේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි. එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදි කර තිබුණි. පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිද්දීය. නගරාධිපතිවරයා මෙන්ම බිරිඳ ද තුවාල ලැබූ බව වාර්තා වේ. සෙසු පිරිස අඩි 10 ක් පහළට වැටුණි. පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1689
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා
චන්දන Friday, 10 June 2022 07:25 AM
කොන්ත්‍රාත් එක ලංකාවේ ද දන්නෑ
Prase Friday, 10 June 2022 11:17 AM
කොන්ත්‍රාත් කාරය ලංකාවෙ වෙන්න ඇති.
samanFriday, 10 June 2022 02:32 PM
නිතරම තමන්ගෙ රට පහත් කොට සලකන මොඩයිනුත් එමට ඇත
මයුර Sunday, 12 June 2022 12:53 AM
බලන්න කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නේ එම්.ආර්. 10% ද කියලා...