IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෙක්සිකෝවේ එවූ කෝටියක ‘අයිස්’ ගුවන්තොටේදී කොටු

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මෙක්සිකෝවේ සිට මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට එවූ සැකකටයුතු කුරියර් පාර්සලයක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ විශේෂ පරීක්‍ෂාවේදී ඉතා සූක්ෂම ලෙස බෑගයක් තුළ සගවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 සොයාගත් බවත් එම පාර්සලය රැගෙන යාමට පැමිණි සැකකරු ද අත්අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ට හැකිවූ බවත් රේගුව කීය.

මෙම මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම මිලියන 13 ක් පමණ වන බවට තක්සේරු කළ අතර මෑත ඉතිහාසයේ මෙක්සිකෝවේ සිට යොමුකර තිබියදී අත්අඩංගුවට ගන්නා ලද පළමු අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙය බවත් මෙම වැටලීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් ද සහයෝගය දැක්වූ බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

මෙක්සිකෝවේ එවූ කෝටියක ‘අයිස්’ ගුවන්තොටේදී කොටු

දක්‍ෂයි--පක්‍ෂයි--යක්‍ෂයි Thursday, 15 December 2022 01:24 AM

ඕවා අල්ලන්න දක්‍ෂයි.. ඉන්පසු වාෂ්ප වෙන්නන්ට පක්‍ෂයි. ගන්න එවුන් යක්‍ෂයි.!

:       0       2

S.H.Liyanage Thursday, 15 December 2022 09:04 AM

මත්ද්‍රව්‍ය අල්ලගත් වහාම රාජපක්ෂලා ලවා තහවුරු කරගෙන එදිනම විනාශ කිරීමට ක්‍රමයක් සෑදිය යුතුවේ. නැතිනම් ඒවා නැවත රට තුළටම ඒම වැළැක්විය නොහැක...

:       0       2

SL Thursday, 15 December 2022 12:41 PM

මේ අල්ලන අයිස් එදාම රාජපක්ෂ ලවා පරීක්ෂා කරගෙන එදාම විනාශ කරන්නේ නැත්තේ මොකද? ආරංචි හැටියට පොලිසියේ ඇතුලෙනුත් උසාවිය ඇතුලෙනුත් මේවා එළියට එනවා. පොලිසියේ ඉන්න ඇතැම් නිලධාරීන්ගේ ගෙවල්, වත්කම් දැක්කාම සැකයකුත් හිතෙනවා. මිනිස්සුන්ට/දරුවන්ට වහවලට ඇබ්බැහි කරලා හම්බ කරන අයට හෙන ගහන්න ඕනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site