IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැකෝගේ ඉල්ලීම යෝජනාවක් හැටියට මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාව තමාගෙන් කළ ඉල්ලීම යෝජනාවක්  හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී  අද ( 1) එකඟත්වය පළ කළේය.

මැතිවරණ කොමිෂන් සභාව කළ එම ඉල්ලීම පාර්ලිමේන්තුවට යෝජනාවක් හැටියට ගෙන එන්නැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරණ කොමිෂන්  සභාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමට නොහැකි නම් එය යෝජනාවක් හැටියට  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටින බවද කිරිඇල්ල මහතා පැවසුවේය.

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැදිහත් වන්නැයි කතානායකවරයාගෙන්  ඉල්ලීමක්  කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයද ඒ මුදල් ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර  බේරා ගන්නා ලෙස දැනුම් දී ඇති බව එහිදී ප්‍රකාශ කර ඇති කිරිඇල්ල මහතා  ජනාධිපතිවරයා මැතිසබය අමතමින්  පැවසුවේද  පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර ගැටලුව විසඳා ගන්නා ලෙස බවද  සඳහන් කර ඇත.

ඒ අනුව මේ ඉල්ලීම කතානායකවරයාට කිසිසේත්ම  බැහැර කළ නොහැකි බවත්  පාර්ලිමේන්තුවෙන්  ඊට විසඳුමක් නොලැබෙන්නේ නම් ජාත්‍යන්තර අධිකරණයට යෑමට බලාපොරොත්තු වන බවත් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (1)  පස්වරුවේ රැස්විය.



අදහස් (4)

මැකෝගේ ඉල්ලීම යෝජනාවක් හැටියට මැතිසබයට

sena Wednesday, 01 March 2023 05:53 PM

යෝජනාව පාර්ලිමේන්තුවේදී නිකන්ම පැරදෙනවා නේ .ඉතින් චන්දය නිකන්ම හබක්

:       0       0

Rohana Wednesday, 01 March 2023 06:25 PM

පනත පරාජය කිරීමට අත උස්සන්නේ පොහොට්ටුවට ගැතිකම්කරන එලොවටත් මෙලොවටත් වැඩක් නැති අලියගේ නැට්ටෙ එල්ලිලා ඉන්න අර කට්ටියයි.

:       0       0

Demuni de Silva Thursday, 02 March 2023 05:00 AM

මෙය නීත්‍යානුකූල ඉල්ලීමක් වන අතර මුදල් අමාත්‍යවරයාට මුදල් නිදහස් කළ හැක්කේ 2023 අයවැය අනුමත කර ඇති කාලය නාස්තියකින් තොරව ප්‍රතිපාදන තිබෙන බැවිනි.

:       0       1

Athula Thursday, 02 March 2023 04:42 PM

අන්න ඒ අදහස හොඳයි.. ජාත්‍යන්තරයට රනිල් බයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site