IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මොකක්ද මේ ‘තාප ආඝාතය‘ කියන්නේ?

දරුවන්ගේ ආරක්ෂාවත්, තම ගමන් පහසුව උදෙසා යැයි සිතමින් ඇතැම් දෙනා වාහන තුළ දරුවා රඳාවා තබා යන අයුරු මෑත කාලයේදී දක්නට ලැබෙන්නකි. ඒ සමඟම එසේ වාහන තුළ සිටියදී දරුවන් මියගිය පුවත්ද දැන් අසන්නට ලැබේ. පසුගිදාවක එවන් පුවතක් වාර්තා වූ අතර එයද වාහනය තුළ තනිවම සිටි වයස අවුරුදු 14ක දරුවකු මරණයට පත් වීමේ සිද්ධියකි. මෙයාකාරයට දරුවන් වාහන තුළ සිටයදී මිය යන්නේ ඇයි? ඊට හේතුව කුමක් විය හැකිද?

මෝටර් රථයක සිටින විට දරුවාගේ ශරීර උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යාමට වැඩි කාලයක් ගත නොවේ.

තාප ආඝාතයේ හානි

මෙහි අවධානම් තත්ත්වය තාප ආඝාතය (Heat Stroke) නමින් හැඳින්වේ. ‘හයිපර්තර්මියාව‘ යනුවෙන්ද හැඳින්වෙන මේ තත්ත්වය ඉතා දරුණුම අනතුරකි.

තාප ආඝාතය ඇතිවූ විට මොළයට සහ අනෙකුත් ශරීර අවයව සඳහා හානි කළ හැකිය. එය මරණයට පවා හේතු වේ.

මෝටර් රථයේ ඇතුළත උෂ්ණත්වය

මෝටර් රථයක් තුළ උෂ්ණත්වය විනාඩි 10කින් අංශක 20කින් සහ පැයක් තුළ අංශක 40කින් වැඩි විය හැකිය. රථය තුළ අනතුරුදායක බව වැඩිවීමට පිටත උණුසුම් බව දැනිය යුතු නැත.පිටතින් එය 70 F ට වඩා ඉහළින් ඇති විට පුද්ගල මරණ පවා සිදු වී ඇත.

රථයේ වා කවුළු විවෘත කළද

රථයේ ජනේල විවෘතව තැබූ පමණින් උෂ්ණත්වය අනතුරුදායක මට්ටමකට පැමිණීම වැලැක්විය නොහැකිය. දරුවකුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩිහිටියකුගේ ශරීරයට වඩා තුන් ගුණයකින් හෝ පස් ගුණයකින් ඉහළ යා හැකිය.

දරුවකුගේ ශරීරය ස්වාභාවික ලෙස හොඳින් සිසිල් කිරීමේ හැකියාව වර්ධනය වී නොමැති හෙයින් මෝටර් රථයක් තුළ තනිව හිඳීමේදී උෂ්ණාධික තත්ත්වයෙන් මියගිය බොහෝ දරුවන් වයස අවුරුදු 3 සහ ඊට අඩු වයස් කාණ්ඩවල පසු වන්නෝ වෙති.

වෙනත් අවදානම් සාධක

දරුවා මෝටර් රථය තුළ තනිවම දමා යාමේ අනෙකුත් අවදානම් තත්ත්ව වනුයේ මෝටර් රථය තුළ සිරවීම, රථය පැදවීමට දරුවා උත්සාහ කිරීම හෝ චලනය කිරීමට උත්සාහ දැරීමෙන් තවත් අනතුරු නිර්මාණය වීම, මෝටර් රථයෙන් දරුවා ඉවතට ගැනීම අපහසු වීම යනාදියයි.

අනතුරුවලින් දරුවා මුදවීමට කල හැකි දෑ

හොඳම ආරක්ෂිත පියවර වනුයේ දරුවා රථයේ තනියම තබා යාම වෙනුවට තම ගමන් බිමන් සඳහා ඔහුවත් කැටුව යාමයි. එසේම කවුරුත් නොමැති අවස්ථාවලදී දරුවාට මෝටර් රථය තුළ සෙල්ලම් කිරීමට ඉඩ නොදීම, සියලුම දෙනා රථයෙන් පිටව ගිය පසු හොඳින් රථයේ දොරවල් අගුළු ලා තැබීම, රථයේ යතුරු ළමයාගේ අතට පත් වීමට ඉඩ නොතබා ඉතා සුරක්ෂිතව තමා ළඟ තබා ගැනීම ආදියයි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මොකක්ද මේ ‘තාප ආඝාතය‘ කියන්නේ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site