
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව විසින් ඉල්ලා ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මාරු කිරීම්වලට අදි මදි කරන පොලිස් කොමිසම ගැන තමාද සිටින්නේ "අදි මදියක"බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හොරණ දී පැවසීය.
එම කිසිදු මාරුවීමක් ඉල්ලා ඇත්තේ තම පෞද්ගලික ආරක්ෂාවට හෝ පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා නොවේ යැයි කී ජනාධිපතිවරයා ජන වරම ඉටුකිරීමේ අරමුණින් ඉල්ලා ඇති එම මාරු වීම් කොමිසම සාධාරණව ඉටු කර දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙන බවද සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ගැන දන්න පරීක්ෂණ මෙහෙය වූ දක්ෂ නිලධාරීන් 650ක් මාරු කළ බව කී ජනාධිපතිවරයා එම නිලධාරීන් නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමට තමාට වුවමනා වූ බව සඳහන් කළේය
COMMENTS
අපිට කියන හැටියට නම් කොමසාරිස්වරු ස්වාධීනලු. කිසියම් පක්ෂග්‍රාහී අය කොමිසමේ ඉන්නවද කියන ප්‍රශ්න පොදු ජනයා තුළ ඇතිවීම වැළකිය හැකිද?
ගෝඨාභය කියන්නේ ආරක්ෂක අංශයේ ඉතා පළපුරුද්දක් තිබුණු දක්ෂ නිලධාරියෙක්. එතුමා කළ මාරුකිරීම් නැවත හරවන්න හදන්නේ මොන විද්‍යාත්මක හේතු මතද දන්නේ නෑ.
ඔයා ගැනත් මිනිස්සුන්ගේ අදිමදිය වැඩි වෙනවා. දැක්කේ නැතෙයි... සමුපේ ඡන්ද ප්‍රතිඵල? පුංචි ඡන්දෙටත් එහෙම වෙන්න කලින් මොකක් හරි කරන්න වෙයි. වැඩිකල් බොරුවෙන් ජීවත් වෙන්න බෑ දැන් කාලේ...
ඔය මහත්තුරුන්ට ඕන විදියට මාරුවීම් කරන්න දෙන්නේ නැහැ කියල අවුලෙන් ඉන්නවද? එක වෙනස් කරන්න ප්‍රස්නයක් නැහැ, මොකද අවශ්‍ය බලය ඔය මහත්තුරුන්ට තියෙනවා. එත් මතක තියාගන්න වෙන ආණ්ඩු ආවත් මේ ආණ්ඩුවම හිටියත් දේශපාලකයෙකුගේ කෝපයට ලක්වෙන නිළධාරීන්ට මාරුවීම් ලැබේවි. ඉස්සර එහෙම තමයි වුනේ
නූතන යසකාල තිස්ස දැන් ග්‍රැෆෙට් වලින් මිනිරන් හදලා ඉවරයි
කොමිසමේ ඉහළ පොලිස් නිලධාරින් මාරු කරන විදිය ගැන තව හොයලා බලන්න. මීගමුව නගරයේ තිබුණ අකටයුතුකම්, කුඩු ව්‍යාපාර, ස්පා මුවාවෙන් කරපු ගනිකා මඩම් වහලා නගරය පිරිසිදු කරපු පොලිස් අධිකාරියේ හිටපු ලොක්කා මාරුකරලා. දැන් ඔන්න ආපහු එහේ පරන ඒවා එකින් එක මතු වේගෙන එනවා. අලුතින් ඇවිත් ඉන්න අය පගාවට ආපහු පරන අයගේ ඒවට ඉඩ දීලා. සුදධ කරලා දුන්නම ඒ විදියට රකින්න බැරි නිලධාරින් ගැන ඔබතුමා හොයලා බලන්න.
කයියනායක කියන්නේ නිකන් නෙමෙයිනේ
මෙයාලාටත් අවශ්‍ය තමන්ටම අවශ්‍ය විදියට නැටවෙන කොමිසමක් කියන එක නේ මේ කියන්නේ. එහෙම කොමිසමක් තිබුණා නම් මහජනතාවට අවුරුදු 3ක් යනකම් විදුලි බිලේ සහනයක් ලැබෙන්නෙ නැහැ. ජනතාවට චන්දය දුන්නෙ දීපු පොරොන්දු ඉටුකරන්න විතරයි, ගැලරියට කතා කරලා පොඩි සොමියක් තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න නෙවෙයි. හාල් කිලෝව 100ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා කියුවා, ඒ උනත් කරේ තව 10ක් පාරිභෝගික මිල වැඩි කරලා රට හාලෙනුත් ජනතාව හුරගෙන්න කන්න අවශ්‍ය පරිසරය හැදුවා."