IMG-LOGO

භාෂාව නැතත් කොරියාවේ රැකියා

(ඩයනා උදයංගනී)

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

එන්.වී.කි්‍යු සහතික ආදිය මේ සඳහා අවශ්‍ය නොවන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ,වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව ද සඳහන් කළේය.

මෙම රැකියාවන්හි වැටුප් රුපියල් ලක්ෂ 8 1/2 සිට ආරම්භ වන බව කී ශාන්ත බණ්ඩාර මහතා ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද ඇති මේ සඳහා උනන්දුවක් දක්වන පිරිස් වේ නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස ශාන්ත බණඩාර මහතා දැනුම්දීමක් ද කළේය.

එහිදී තාක්ෂණ කමිටුවක් හරහා ඔවුන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කර  අදාළ උපදෙස් ලබා දෙන බවත්, ඔවුන්ට රැකියා සඳහා විදේශ ගතවීමේදී රාජ්‍ය බැංකු මඟින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

භාෂාව නැතත් කොරියාවේ රැකියා

tikiribuwa Tuesday, 13 September 2022 04:25 PM

මේ රැකියාවන් කාන්තාවන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න. කිසිම තේරුම් ගැනීමේ හැකියාවක් හෝ අත්පුරුද්ද අවශ්‍ය නැත...!

:       0       1

Deepal Tuesday, 13 September 2022 04:59 PM

ඇයි ඔබට ඕනෑවටත් වැඩිය සුදුසුකම් තියෙනවා නේද? යන්නකෝ දැන්..!

:       0       0

Santhu Tuesday, 13 September 2022 05:02 PM

හරිම වැදගත් අමාත්‍යතුමනි. කාලයත්, මුදලත් ඉතිරියක් වන අයුරින්... මෙම ක්ෂේත්‍ර සඳහා විශේෂ දක්ෂකම් ඇති අය බහුතරයක් දුර බැහැර පළාත්වල ඉන්න නිසා, තමුන්ගේ කුසලතා අයැදුම්පත් ලියාපදිංචි තැපැල් මගින් කැඳවීම් කර, තෝරාගත් අයැදුම්කරුවන් සම්මුඛ සාකච්ඡා සඳහා, රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දීම කාලෝචිත නොවේද ඇමැතිතුමනි...?

:       0       0

chandima Tuesday, 13 September 2022 06:36 PM

ඉතින් ඒ ක්ෂේත්‍රවල රැකියා තියෙනවා නම් පත්තරවල කියව කියවා ඉන්නේ නැතිව රටේ මිනිස්සුන්ට පුහුණුවක් දෙන එකනේ තියෙන්නේ. ලංකාව ඉදිරියේදී කාර්මික රටක් වෙන්න අදහස තියෙනවා නම් අපටත් මේ පුහුණුව තියන ශ්‍රමිකයින් ඕනෑ වෙනවා. කයිවාරුව විතරයි..!

:       0       0

de silva Tuesday, 13 September 2022 08:28 PM

ඔන්න තරුණයින් ටික මුලාකරගෙන තව බොරුවක් කියනවා. එතකොට මේ පන්ති ගිහින් කොරියානු භාෂාව ඉගෙනගෙන විභාග සමත්වෙලා, වෘත්තීය පලපුරුද්ද සහ සහතික අරන් පොරොත්තු ලේඛන වල ඉන්න මිනිස්සු පැත්තකට දමලාද අනිත් මිනිස්සු යවන්න කතාකරන්නේ...?

:       0       0

V.B.W Thushan hasitha Wednesday, 14 September 2022 12:26 PM

කොරියානු රැකියාවලට අයදුම් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site