IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


භූතාන මැතිවරණයෙන් හිටපු අගමැතිට ජනවරමක්

භූතාන මැතිවරණයෙන්, ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ජය හිමිවිය. ඒ, ආසන 47 කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආසන 30 ක් දිනා ගනිමිනි.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන්නේ භූතානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙරිංග් ටොබ්ගේ ය. ඒ අනුව, භූතාන අග්‍රාමාත්‍ය ධුරයට යළිත් වරක් ෂෙරිංග් ටොබ්ගේට හිමිවනු ඇත.

ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අභියෝගයක් වූයේ භූතාන ටෙන්ඩේ‍රල් පක්ෂයයි. ඊට දිනා ගැනීමට හැකිවූයේ ආසන 17 ක් පමණි.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ෂෙරිංග් ටොබ්ගේ 58 හැවිරිදිය. භූතාන පාර්ලිමේන්තුවට බලය පැවැරීමෙන් පසු එරට පැවැති සිවුවැනි මැතිවරණය මෙයයි. 2008 වසර වනතුරු භූතානයේ පැවැතියේ රාජාණ්ඩුවකි.

2008 වසරේ පළමු භූතාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වූයේ ෂරිංග් ටොබ්ගේය.
ලොව සතුට පිරුණු රට ලෙස සැලකෙන්නේ භූතානයයි. භූතාන මැතිවරණය ආරම්භ වූයේ පසුගිය 2023 නොවැම්බර් 30 වැනිදාය. අවසන් වූයේ ඊයේ (9) දිනයේය.

භූතානය ආසියාවට අයත් බෞද්ධ රාජ්‍යයකි. ජනගහනය 727,145 කි. භූතානයේ බෞද්ධ වැසියන් සියයට 84.3 කි. හින්දු වැසියන් ගණන සියයට 11 කි. භූතානයේ ඇත්තේ ඒකීය පාර්ලිමේන්තු අර්ධ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවකි.

භූතාන පාර්ලිමේන්තුව ඉහළ මන්ත්‍රී මණ්ඩලයකින් (ජාතික කවුන්සිලය) සහ පහළ මන්ත්‍රී මණ්ඩලයකින් (ජාතික මන්ත්‍රණ සභාව) සමන්විතය.



අදහස් (0)

භූතාන මැතිවරණයෙන් හිටපු අගමැතිට ජනවරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 298 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site