IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට

(යොහාන් භාසුර)

භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උඳු, මුංඇට, කව්පි, බඩඉරිඟු, කුරක්කන් සහ මිලට් ආනයනයේදී යටත් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා ඇත.

උඳු කිලෝවකට මේ දක්වා අයකළ රුපියල් 200 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, කව්පි, කුරක්කන් සහ මිලට් ආනයනයේදී කිලෝවකට අයකළ රුපියල් 70 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 300 ක් දක්වා ද, ඉහළ නංවා තිබේ

බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 25 ක වෙළෙඳ භාණ්ඩ බද්දක් නියම කර ඇති අතර බඩඉරිඟු, උඳු, මුංඇට, කව්පි හා කුරක්කන් ආනයනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශය මත කළ යුතු බවට ද මෙම ගැසට් නිවේදනයෙන් නියමක් පනවා තිබේ.



අදහස් (2)

භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට

nanda Wednesday, 21 February 2024 01:05 PM

ඡන්ද නොතියා ජනතාව නොමරා මරන්නද හදන්නේ...?

:       3       19

de silva Wednesday, 21 February 2024 03:36 PM

අසරණ මිනිස්සු කන බොන දේවල් වලට නොසෑහෙන්න බදු ගහන මේ ආණ්ඩුවට සම්බන්ධ එක කවුරුවත් මොන පක්ෂෙන් ඉල්ලුවත් ඡන්දෙ එහෙම දෙන්න එපා, මොවුන් අපේ මුදලින් V8 වලින් ගිහින් අපේ බත්පතට බදු ගහනවා. මොවුන්ගේ නාස්තිකාර වියදම් සහ හොරකම්වලට අවශ්‍ය මුදල් සොයාගන්න. ඡන්ද කිට්ටු වෙනකොට බොරු ආණ්ඩු විරෝධයක්, බොරු දේශප්‍රේමයක් මවාගෙන විවිධ පිල්වටලට බෙදිලා අපේ ඡන්දෙ අරන් ඡන්දෙන් පස්සේ එකතුවෙලා ආණ්ඩු හදාගෙන බලය අරන් අපිව නැවත සූරාකනවා...

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site