(ඉන්දිකා රාමනායක)
රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (3) කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ ගාලුමුවදොර අරගල භූමිය බලා ගමන් කළේය.
පිරිස ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සහ කළ අතර , පොලිසිය එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන්ගේ ගමනට බාධා එල්ල කළේය.
අන්තර් විශ්ව විදයාල භික්ෂු බලමණ්ඩලයේ මෙම විරෝධතා පා ගමන අද පස්වරු 2.00 ට විහාර මහදේවි උද්‍යානය අසලින් ගමන් ආරම්භ කළේය.
එම පා ගමන යුනියන් පෙදෙස, කොම්පඤ්ඤවීදිය, ලේක් හවුස් වටරවුම, ලංකා බැංකු මාවත, ඔස්සේ ජනාධිති මාවතට පිවිසුනේය.
ජනාධිපති මාවත කොටුව පොලිසිය දෙසින් වසා දමා තිබු ස්ථිර මාර්ග බාධක දෙකක් බලහත් කාරයෙන් විවෘත කරගත් අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ජනාධිපති මන්දිරට ගමන් ගැනීමට පිරිස පැමිණි අතර පොලිසිය එම ප්‍රදේශයේ මාර්ග බාධක සහ දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබීම හේතුවෙන් ඔවුන්ගේ ගමන වැළැක්වීම නිසා ඔවුහු ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් ගත්හ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
භික්ෂු පාගමනට පොලිසිය හරස් වෙයි
උපාසක ( Original ) Tuesday, 03 May 2022 07:07 PM
මෙවැනි බාධාවන් භික්ෂූන් වහන්සේලා අරබයා සිදුකළාම ඒ පවින් මතු උපදින්නේ අත්පා නැතිවයි.