(යොහාන් භාසුර)
භික්ෂූන් වහන්සේගේ සහ සිල්මෑණියන් වහන්සේලාගේ ගුවන් ගමන් බලපත්‍රයේ සහ ජාතික හැදුනුම්පතේ විශේෂ ගෞරව නාමයක් යෙදීමට තීරණය කළ බවත් ඒ අනුව භික්ෂූන්වහන්සේලා සඳහා ‘ VENERABLE ’ ලෙස සහ සිල්මෑණියන් වහන්සේලා සඳහා ‘ REVEREND ’ ලෙස යෙදීමට නියමිත බවත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යය පැවසීය.
මෙරට සංඝ නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භික්ෂූන්ගේ - සිල්මෑණියන්ගේ පාස්පෝට් එකට ගෞරව නාමයක්
Lalla Saturday, 09 March 2024 08:45 AM
ඕක සෑම ආගමකටම පොදු විදියට භාවිතා කරන්න ඕනෑ නේද?
කමලා ලියනගේ Saturday, 09 March 2024 09:02 AM
ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් දන්නවා මේ දෙක අර්ථ දෙකක් බව. පුරුෂ පක්ෂය විතරක් "වන්දනීය" හා "ගෞරවනීය" වෙලා ස්ත්‍රී පක්ෂය "පැවිදි" වුණේ කොහොමද? ඔන්න අපේ රටේ කෙරුවාව...!
නිලන්ති Saturday, 09 March 2024 05:27 PM
කමලෝ අතීතයේ හිටපු බමුණෝ ජනතාව මහාබ්‍රහ්මයාගේ කටිනුත් තවත් තැන්වලිනුත් මිනිස් සත්වයා උපන්නා කියලා මතයක් හදාගෙන තිබුණා. කාන්තාවන් බමුණන්ට වහලියන් වගේ පිරිසක් වුණා. සමහරක් ගෝත්‍රික ජනතාව තවමත් එහෙම කාන්තාවන්ට කෙනෙහිලි කරන තත්වයක් ලෝකයේ තියෙනවා. අපේ මිනිස්සුන්ගේ වුණත් අතීතයේ පැවැති ජානගති සමග පවුල් පරම්පරාවේ ජන්ම ගති එලෙසම රැකගෙන අප්පලා කළ දේවල් නොකර නොට්ටිගේ පුතාලා වෙන්න අකැමැති නිසා කාන්තාවන් කොන්කරන්න අර අඳිනවා. මෙතැන තියෙන්නේ එහෙම දෙයක්ද කියලා සොයන්න පුළුවන් නම් හොඳයි... කාන්තාවන් වෙනුවෙන් දිනයක් වෙන්කර ඇතත් වැඩ එහෙමයි. පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයෙක් රට කරන තැනදීම තිත්ත කෑලි සහිත කතා කියනවානම් තවත් මොනවා කියන්නද?
දර්ශන Saturday, 09 March 2024 08:23 PM
මා දන්නා තරමින් භික්ෂුණි ශාසනයක් ලෝකේ දැන් නැහැ. දස සිල් මාතාවන් පමණයි වැඩ ඉන්නේ. භික්ෂූන් වහන්සේ සහ දසසිල් මාතාවන් අතර ලොකු වෙනසක් තියනවා.
CHINTHANA Saturday, 09 March 2024 09:50 AM
ඒ මොකද දෙකක්...?
ලුම්බිණි Saturday, 09 March 2024 10:33 AM
කරන්නේම මෝඩ වැඩ.
thilan Saturday, 09 March 2024 11:33 AM
ගොඩක් අයට දාන්න වෙන්නේ ඕක නෙවෙයි...!
Sathyapala Saturday, 09 March 2024 12:03 PM
සියුරේ පාට කහ නිසා, කහ පාට පාස්පෝර්ට් එකක් නිකුත් කරන්න වෙනම මැෂින් එකක් ගෙනෙන්න පුළුවන් නම් කෝටි 50-60 ගියත් කමක් නෑ. ඡන්දේ ළඟ නිසා සිංහල බෞද්ධ ඡන්ද තොග පිටින් ලැබෙයි. කන්න නැතුව මැරුණත් නෑ.... කහ පාස්පොර්ට් තියෙන එකම රට නිසා. සාදු සාදු සාදු !!!
පැරකුම් Saturday, 09 March 2024 01:35 PM
හරියට වැඩක් කරගන්න අමන පාලකයින්ගේ අනිත් වැඩත් ඔහොම තමයි. ඔවුන්ගේ උපදේශකයින් ඊට හපන්.
Chandima Sunday, 10 March 2024 01:24 AM
ඡන්ද කඩාගන්න ගහන බයිලා. උප්පැන්නේ තියෙන නම මිසක් වෙන නම් පාස්පෝට් එකට දාලා අන්තිමේ වෙන රටවලදී කරදර විඳින්නත් වෙන්න පුළුවනි. ඔයිට කළින් අර පිනාගේ පාස්පෝට් එකට නමට ඉස්සරහින් පිනා කියලා දැම්මානම්...?
ඉන්දික Sunday, 10 March 2024 01:38 PM
අදහස් දැක්වීම් පිළිබඳ දුකයි!!! ලංකාවේ ඉන්නේ දසසිල් මාතාවන්! එතුමියන් උපාසිකාවන් මිසක් භික්ෂු භික්ෂුණියන් නොවෙයි! එතුමියන් බ්‍රහ්මචාරීව දස සිල් සමාදන් වෙලා තියන්නේ! මෙම වෙනසේ සඳහන් කර ඇති සත්‍යය එයයි...!
පොඩි මොලෙ Sunday, 10 March 2024 02:41 PM
ඔන්න අප්පේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න?
මලලසේකර Sunday, 10 March 2024 02:48 PM
මේ උපදේශකයෝ කොහෙන්ද දන්නේ නෑ හොයාගත්තේ... අනිවාර්යයෙන් මහාචාර්ය පට්ටමක් ඇති. නැත්නම් ඔය වගේ මෝඩ වැඩ කරන්නේ නෑ. දැක්කනේ ගෝඨාභය ලොක්කාගේ බුද්ධි බලකාය කරපු ගොන් වැඩ...