
(අංජුල මහික වීරරත්න සමග සුජිත් හේවාජුලිගේ)
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා.
ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක් අඩුම රුපියල් 200කට මිලදී ගන්න පාරිභෝගිකයන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ලෑස්ති වන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බී ලූනු ගොවීන්ට හොඳ ආරංචියක්
ගුණරත්න Tuesday, 11 November 2025 11:01 PM
එහෙම කලොත් ලබන කන්නේ ඉඳල ළූණු කිලෝව 300 ට වැඩි වෙනවා.
Ahmed (Gulf) Wednesday, 12 November 2025 12:28 AM
මේ මාලිමා ගැන ලැජ්ජයි, ඔවුන් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් බී-ලූනු ආනයනය කිරීමෙන් බී-ලූනු ගොවීන්ව අසරණ කළා. ශ්‍රී ලංකාවේ ගොවීන් පසුපස හඹා යාමට මාලිමාට අවංක හා කාර්යක්ෂම විය නොහැක.
Neel Wednesday, 12 November 2025 12:43 AM
දැන් හරිනේ අමාරුව . හොද වැඩේ.
සාලිය Wednesday, 12 November 2025 07:13 AM
ඕක කලින් දැක්කේ නැතිද? Proactive නැතිද ඔයාලා මාලිමාවෝ...
Chinthaka Wednesday, 12 November 2025 07:47 AM
අපි බොහෝදෙනෙක් සෙනසුරාගෙ අපලය ගැන අහල තියෙනවා ඉතින් සෙනසුරා ඉදිරි වැඩසටහන හදන්න දිනපොත බලද්දී දැක්කලු දවසකින් ගන දෙයියන්ට අපල ආරම්භ කරන්න පටන්ගන්න ඕන කියල (පොඩ්ඩක් අතපසුවීමක් ඒ කාලයේ දැන්වගේ අවුරුදු ගණනකට පෙර විශ්‍රාම ලබා මියගිය නිළධාරින් තනතුරුවල ඉන්නවා කියල පෙන්නූ ඉසි...දිනපොත් තිබුනෙම නැහැ තිබුන නම් සෙනසුරුත් ඉවරයි) ඉතින් උදේ පාන්දරම පේවෙලා ඉදල ගනදෙවි හමුවෙන්න අසපුවට ගියාලු.ගන දෙයියත් කපටියනේ උන්නැහේ කලින් දවසෙ සිට පාටියක් කරන්න අරගෙන තිබුනා සෙනසුරා ආවම කිව්වලු කතාකරන්න වත් වෙලාවක් නැහැ හෙට එන්න කියල (ඊළග දවසෙ නැත්නම් කන්නයේ) සෙනසුරත් හා හොදයි කියල යනකොට අත්පුඩි ගහල ආපහු කැදවලා වැඩ වැඩිනිසා මට අමතක වේවි මගේ බඩේ හෙට එනවා කියල ලියා යන්න කිව්වලු සෙනසුරත් එහම කරල ගියාලු ඉතිරිටික හිතාගන්නකෝ....
Loonu Goviya Wednesday, 12 November 2025 08:18 AM
එතකොට මේ කන්නේ, ඒවා අපිට එන, කන්නේ එනකම් තියාගෙන කන්නද කියන්නේ ?
අරවින්ද මොණරවිල Wednesday, 12 November 2025 09:05 AM
උබලා හැම මගුලකටම ස්තීර මිලක් දීලා පාරිභෝගික අපිටම කෙලවලපල්ලා, අපිත් උබලව ස්ථීරවම ගෙදර යවනවා ඊළග ඡන්දයෙන්, ඒක අනිවාර්යයෙන්ම කරනවා.
Indika Wednesday, 12 November 2025 09:06 AM
මේ කන්නය කාබාසිනියා වුන හැටියට ගොඩක් බී ලූනුගොවියොන්ට ලබන කන්නයේ වගාව කරන්න බෑ. එතකොට නිශ්පාදනය අඩුවෙලා මිල කොහොමත් වැඩිවෙනවා.. ආයේ ඕක ඇමැටි කියන්න ඕනේ නෑ... කොහොමත් රජය වෙන්කල මුදලින් මිලදී ගන්න පුලුවන් වෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක් ..
අරවින්ද මොණරවිල Wednesday, 12 November 2025 10:26 AM
බී ළූණු, අර්තාපල් හා වී ගත්තට කොමිස් එන්නේ නැහැනේ ! ඒකට ඩබල් කැබ් එහෙමද ?
WEERAKOON Wednesday, 12 November 2025 01:13 PM
අරවින්ද මොණරවිලට මේ මොකක්ද වෙලා තියෙන්නේ ??