IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා

(ඩයනා උදයංගනී)

හෝමාගම, පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර මුදානොගත් ප්‍රදේශ බඳු වී ඇති බවත්, මෙම විශ්ව විද්‍යාලය තුළ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කර නිදහසේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයක් නිර්මාණය කර දෙන ලෙස තමන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළ බවත් එහි මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝ පැවසූහ.

මෙහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බුදුන් වැඳීම නයාට අඳුකොළ මෙන් බව කී මහෝපාධ්‍ය හිමියෝ භික්‍ෂූන් වහන්සේලා 350ක් පමණ සිටින නේවාසිකාගාරයේ බුදු මැදුරෙහි බුද්ධ පූජාව තැන්පත් කරන්නේ නේවාසිකාගාර පාලක ලෙස කටයුතු කරන ගිහියෙකු බව ද සඳහන් කළහ.

එහි නේවාසිකාගාරවලට නේවාසිකාගාර පාලකවරුන් තිදෙනාට මෙන්ම කිසිවකුට ඇතුළුවීමට ශිෂ්‍යයින් ඉඩනොදෙන බව කී උන්වහන්සේ එහි සිදුවන දේ ගැන තොරතුරක් හෝ ලබාගත නොහැකි තත්වයක් පවතින බව ද කීහ.

උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළ ඇතැම් භික්‍ෂූන් වහන්සේලා පවා රැවුල් කොණ්ඩා වවාගෙන නේවාසිකාගාරවල රැඳී සිටින බවත්, ඇතැම් ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල නිවාඩු කාලවලදීත් නේවාසිකාගාරවලින් පිටව නොයන බවත් කී නෙළුවේ සුමනවංශ හිමියෝ උන්වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම්දීම් කළත් ඒවා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළහ.

එමෙන්ම නේවාසිකාගාර සිසුන් රාත්‍රී 12.00 පමණ වන තුරු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ඝෝෂාකාරී ලෙස හැසිරෙන බවට අවට පදිංචිකරුවන්ගෙන් පවා තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, එය නවත්වන්නැයි දැනුම් දුන් විට විශ්ව විද්‍යාල සංස්කෘතිය අනුව තමන්ට එසේ කළ හැකි බව පවසන බවත් උන්වහන්සේ පැවසූහ.

වල්පොල ශ්‍රී රාහුල හිමියන් වෙනම පනතක් මගින් ස්වාධීන විශ්ව විද්‍යාලයක් ලෙස මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් වුවත් මේ වන විට එහි එවන් වටපිටාවක් නැතැයි ද මහෝපාධ්‍ය හිමියෝ සඳහන් කළහ.

තමන් මෙහි සිටින ශිෂ්‍යයන්ට බුද්ධ වන්දනාවට සහභාගී වන්නැයි දන්වා දැන්වීමක් යොමු කළ විට කුපිත වූ ශිෂ්‍යයන් පොලු මුගුරු රැගෙන පැමිණ නේවාසිකාගාර පාලක හිමියන්ගේ කාර්යාලය වටලා ‘බුදුන් වඳින්න ආවොත් බාවනවා’ යැයි පවසා තිබෙන බවත්, ඔවුන්ගෙන් එවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බවත් උන්වහන්සේ කීහ. එමෙන්ම එහි ඇති බෝධි අංකුරයක් ඉවත්කරන ලෙස ද ශිෂ්‍ය සංගමය තමන්ට දැනුම් දී ඇතැයි සුමනවංශ හිමියෝ සඳහන් කළහ.

එමෙන්ම මෙහි නවක වදය පවතින බවට නැගෙන චෝදනා ද සත්‍ය බව කී මහෝපාධ්‍ය හිමියෝ තමන්ට ද සිසුන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි පැවසූහ.

මෙම වසරේ දී විශ්ව විද්‍යාලයට බඳවාගත් සිසුන්ගෙන් 17 දෙනෙක් නේවාසිකාගාරවලින් ඉවත්ව වෙනත් ආරක්‍ෂිත නේවාසිකාගාර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් 40 දෙනා ද නේවාසිකාගාරවල පවතින ඝෝෂාකාරී බව ගැන තමන්ට දැනුම් දී ඇති බවත් කී උන්වහන්සේ මෙම තත්වය නිසා විදෙස් සිසුන් විශ්ව විද්‍යාලයෙන් ඉවත්වයෑමේ අවදානමක් පවතින බව ද ප්‍රකාශ කළහ.

විශ්ව විද්‍යාලය තුළ හා නේවාසිකාගාරවල මෙම කටයුතු මෙහෙයවන්නේ ශිෂ්‍ය සංගමයේ රැකවරණය ලබන 50 ක 60ක පිරිසක් බවත් ඔවුන් නිසා අධ්‍යාපනය ලැබීමට කැමැත්තෙන් සිටින සිසුන්ගේ අධ්‍යාපනයට ද බාධා එල්ල වන බවත් සුමනවංශ හිමියෝ කීහ.

මෙම තත්වය වළක්වා විනයගරුක පරිසරයක් ඇති නොකළහොත් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අරමුණු ඉටුනොවනු ඇතැයි ද මහෝපාධ්‍ය හිමියෝ වැඩිදුරටත් කීහ.

 



අදහස් (14)

බෞද්ධ සරසවියේ ශිෂ්‍ය සංගම් බුඳුන් වැදීම තහනම් කරලා

යෝගා Thursday, 15 December 2022 05:13 PM

හාමුදුරුවරුන්ට විශ්ව විද්‍යාල අවශ්‍ය නෑ. පිරිවෙන් හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඕක වහලා දාලා ගොඩනැගිලි ප්‍රයෝජනවත් දෙයකට යොදවගන්න.

:       0       5

Dinesh Thursday, 15 December 2022 07:20 PM

මේ ටික කියන්න ප්‍රශ්නයක් ඇති වෙනකම් හිටියනේ...!

:       6       31

වර්ණසින්හ Thursday, 15 December 2022 07:31 PM

මේක අද ඊයේ ඇතිවූ තත්ත්වයක් ද, නොඑසේ නම් මේ තරම් කාලයක් නිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි?

:       2       35

SenakaThursday, 15 December 2022 09:49 PM

බෞද්ධ සරසවියේ බුදුන් වඳින්න දෙන්නෙ නැත්තන් මේක අතිශය බරපතල කාරනාවක්. මේ සම්බන්ධයෙන් නිහඬව සිටි ආචාර්ය මන්ඩලය ඉස්සෙල්ලම එලවන්න ඕන. ඒ වගේම මේ ගැන තාමත් නිහඬව සිටිනා මහනායක හිමිවරුන්ට අපගේ බලවත් අප්‍රසාදය.

:       2       34

Bamunuarachchi Thursday, 15 December 2022 07:33 PM

මේ තමයි ජෙප්පන් කරන නස්පැත්තිය. ජෙප්පන් බලයට ආවොත් ආගම ඇදහීමත් තහනම් කරනවා සිකුරුයි. රට බල්ලාට ගියත් ජෙප්පන්ට නම් පාලන බලය දෙන්න එපා. දුන්නොත් ඒ අපේ අන්තිම කැමති පත්‍රය වේවි. මොවුන්ට නේවාසික පහසුකම් මොකටද? නේවාසික පහසුකම් නැති කරන්න...

:       18       54

NuwanThursday, 15 December 2022 09:13 PM

කටහඬ නම් මහෝපාධ්‍ය හාමුදුරුවන්ගේ තමයි පිටපත වික්‍රමසිංහගේ රනිල්ගේ මෑතක ඉඳලා ටේ අනිත් ප්‍රශ්ණ අමතක කරන්න විශ්වවිද්‍යාල ටික අල්ලගෙන නටනවා රනිල් වික්‍රමසිංහ උන්නැහේ ඔය මහෝපාධ්‍ය උන්නැහේට කියන්නේ ය ප්‍රශ්න කලින් දැනගෙන හිටිය නං මොකද කිව්වේ නැත්තේ.

:       43       8

සමන් - ඕමානයThursday, 15 December 2022 11:15 PM

නුවන් උන්නැහේ ජෙප්පන්ගේ පරපුරේ අරටුවක් වගේ. ලාංකිකයෙකු වෙලත්, මහෝපාධ්‍ය ස්වාමීන් වහන්සේට "උන්නැහේ" යනුවෙන් සඳහන් කිරීම නුසුදුසුයි කියා ඔය මන්ද බුද්ධික මොලයට වැටහෙන්නේ නැති එක පුදුමයක් නෙවෙයි. නොදකින් මේ ජෙප්පෝ හැත්ත හැඳි ගෑවිලා මකබෑවිලා නැතිබංග වෙලා යනවානම් හොඳයි, රටට යහපතක් වෙන්න. බමුණුආරච්චි සහෝදරයාගේ අදහස හරියටම හරි.

:       5       39

BamunaFriday, 16 December 2022 05:21 AM

69 ලක්ෂයක් දීලා කරගත්තේ .ඒ කරපු නස්පැත්තිය පේන්නේ නෑ නේද?රවටුනාට කමක් නෑ .රැවටිලා අනික් උන් අමාරුවේ දාන්න එපා.මේ ප්‍රශ්නය දැන් ඇති උන එකක් වෙන්නේ බෑනේ .ඇයි ඒ ගැන කලින් ක්‍රියාමාර්ග නොගත්තේ.මේ ප්‍රකාශය ගැන මට ලොකු සැකයක් තියනවා

:       2       1

සුරංග Friday, 16 December 2022 05:26 AM

මේ කියන ඒවා තියෙනවා නම් ජෙප්පො පෙරෙට්ටුවේ උන්ට අමතරව ලංකාවෙ බුදු දහම විනාශයක් කරන්න උපක්‍රම කරනවාද කියලා හිතෙනවා ක්‍රමක්‍රමයෙන් බුදු දහමට හානි වෙන ආකාරයට අන්‍යාගමික වෙනවා කියලා කියන්න පුළුවන් ඒ අතර පංසල් වලත් මුදල් ඉපැයීම මිස දායක දායිකාවන්ගෙ අසරණ තත්වය බැලීමට හෝ ඔවුන්ගේ සුභ සාධනය ගැන කිසිම දෙයක් වෙන්නෙ නැහැ මෙතෙක් කලක් බෝධි පූජාව පමණක් සිදුකල සමහර පංසල් දැන් මුරුතැන් පූජාවන් තබන්නත් පටන්ගෙන තියෙනවා බොහොමයක් දෙනා පංසලට යන්නෙ නැහැ කොතැනක හෝ බෝ පැලයක් සිටුවා ගෙන වදින්න පුදන්න ආරම්භ කරල තියෙනවා ඇත්තටම රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොලලන බෝධිය කතාවෙන් පස්සෙ ජනතාව හිතන්නේ බෝධිය කියන්නෙ ඒ නමින් තියෙන ගහට කියලා එහෙම නැතුව තුන්තරා බෝධියට නොවෙයි පංසලනුත් තමන්ගෙ අනුගාමිකයන් ගැන බලන තත්වයක් නැහැ ඉතින් පංසලේ දායක දායිකාවො පංසලට විහාරස්ථානයට එන්නවත් කැමති නැහැ කොහොම වුනත් පංසලකට විහාරස්ථානයට නොයන ජෙප්පො පෙරෙට්ටො කුරුට්ටො බලයට ආවොත් බුදු දහම විනාශ වීම වලක්වන්න නම් බැහැ කියන්න පුළුවන්

:       0       4

siri Thursday, 15 December 2022 11:40 PM

ඔහොම යමු.ඉස්සරහට තව තව දේවල් දැකගන්න ලැබෙයි. බුදුසසුන බැබලේවා තමයි.

:       1       21

de silva Friday, 16 December 2022 05:01 AM

මේ ගැන බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මහා නායක හිමිවරු නිහඬව ඉන්නේ කුමන කරුණක් නිසාද?මෙපමණ විශාල මුදලක් බුද්ධ ශාසන අමාත්‍යංශයට වියදම් කරන්නේ කුමකටද ?

:       0       3

ලුම්බිණි Friday, 16 December 2022 05:16 AM

මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කළේ ආරාමික පරිසරයක් තුළ භික්‍ෂු අධ්‍යාපනය ලබා දී ධර්ම දූතයන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් නම් මොකද මේක මේ විදියට පවත්වා ගෙන යන්නේ? මොකද මෙතන ආගම ධර්මය විතරක් උගන්වන්න බැරි? මොකද භික්ෂුන් විතරක් මෙතනට ගන්න බැරි? මේකට වග කිව යුත්තේ පාලකයන්.

:       0       1

ගජමිතුරු Friday, 16 December 2022 08:50 AM

අතීතයේ සතර වර්ගයම නිවන් දකින්න මහන වුනත් අද කාලයේ පිනට කාල ඇදල අධ්‍යාපන වියදම් පංසලේ දායකයින් ගෙවන නිසා කිසිම වියදමක් නැතුව ඉගෙන ගෙන රැකියාවක් කිරීමට හා විවාහයක් කරගෙන ජොලියෙ ඉන්න හිතාගෙන දරුවො මහන කරනවා දරුවො මහනවෙනවා එහෙම කෙනෙක් දෙන්නෙක් ගැන උදේ සවස දකින නිසා දැන් ඔඔවුන් විදින දුක අපිට පේනවා .කොහොම වුනත් ඉතාමත් දුප්පත් වුනත් උපාසක උපාසිකාවන් දෙන මුදලින් ඉගෙනුම ලබාගෙන සමාජ විරෝධී කටයුතු කලොත් එලොව පමණක් නොවෙයි මෙලොවත් අනන්ත දුක් විදින්නම වෙනවා ඒක සක්කරයාගේ පුතා වයිමටවත් වෙනස් කරන්න බැහැ ඒ වගේම ඔහුගෙන් ඇරඹෙන හත්මුතු පරම්පරාවෙ සැමටත් සතර අපායේ දුක්විදින්නම වෙනවා සත්තයි

:       0       2

Asitha Friday, 16 December 2022 11:03 AM

මෙම පිංගුත්තරයින් ටික ඇෆ්ගනිස්ථානයට එලවා දමන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්
2024 මැයි මස 04 30 0

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.


සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
2024 මැයි මස 04 52 0

රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.


කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්
2024 මැයි මස 04 405 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින


අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 739 1

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 374 8

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 624 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 476 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1927 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1695 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site