IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි

(කාංචන කුමාර ආරියදාස)

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට නොහැකිව කොටුවී ඇතැයි මහවැලි අධිකාරිය කියයි.

බෝතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා 27 දින උදෑසන සඳහන් කළේ මේ වන විට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06යක් අඩි දෙක බැගින් විවෘත කිරීමත් සමඟ බෝතැන්න ජලාශයෙන් අඹන් ගඟට තප්පරයකට ඝණ අඩි දහ අටදහසකට අධික ජල ප්‍රමාණයක් මුදා හැරෙන බවය.

බෝවතැන්න ජලාශයේ අනෙක් සොරොව් දෙකකින් කන්දලම සහ ඉබ්බන්කටුව ජලාශයට ද ජලය ලබාදීම සිදුවන බැවින් ඉබ්බන්කටුව ජලාශයේ වාන්දොරටු විවෘත කර තැබීම හේතුවෙන් තප්පරයකට ඝන අඩි පන්දහසක ප්‍රමාණයක් දඹුලු ඔයට මුදා හරින බවද දඹුලු ඔය හරහා එම ජලය කලා වැවට ගලා යෑම හේතුවෙන් කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ එහි තත්පරයකට ගණ අඩි 18000ක් පමණ කලාඔයට මුදා හරින බැවින් කලාඔය දෙපස ජනතාව මෙන්ම අඹන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ඉල්ලීමක් කළේය.



අදහස් (0)

බෝවතැන්න ගලයි:ගම් 09ක් තනිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 659 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site