IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බොරු පොරොන්දු වලට රැවටුණු අය නුගේගොඩට එන්න

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු දෙනා ලබන 21 වැනිදා නුගේගොඩට එන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එලෙස නුගේගොඩට රොක්වී ආණ්ඩුවට විරෝධය පළ කරමු යැයි රාජපක්ෂ මහතා කීය.

ආණ්ඩුව ජනතාවට මැතිවරණයේදී වූ  කිසිම පොරොන්දුවක් ඉටුකළේ නැතැයි කී රාජපක්ෂ මහතා ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂවල මතය යට ගසා තම මතය ජනගත කරන්නට ආණ්ඩුව සිතා සිටින බවද සඳහන් කළේය.

"අද ගොවි ජනතාවට ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරලා නැහැ,අල ගොවියට ,වට්ටක්කා ගොවියට බී ලූනු ගොවියට ආණ්ඩුව කරල තියන අසාධාරණයට ඒ ජනතාව අද එලිපිටම දෝෂාරෝපණය කරගෙන යනවා ,දැන් ඒ ජනතාව පාරටත් බැහැලා.ආණ්ඩුව උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් කරල තිබෙනවා.අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

 



අදහස් (6)

බොරු පොරොන්දු වලට රැවටුණු අය නුගේගොඩට එන්න

පලයන් යන්න Sunday, 16 November 2025 01:51 PM

පව් ඔයා නාමල් බබා.

:       0       2

අබා Sunday, 16 November 2025 02:04 PM

කුඩු නැත්තං නුගේගොඩ එන්න.

:       0       2

Rata Perata Sunday, 16 November 2025 02:31 PM

මොවුන්ගේ බොරු පොරොන්දු සහ රට බංකොලොත් කරපු ඒවට අහුවුණු මිනිස්සු 21 ඇවිල්ලා පාඩමක් උගන්වන්න මොවුන්ට...

:       1       2

Lamal Sunday, 16 November 2025 02:38 PM

ඇයි ඔයාට රැවටෙන්නද නුගේගොඩට එන්න ඕනෑ... ඔයාලා මිනිස්සු රැවටුවා මදිද?

:       0       2

Shantha Sunday, 16 November 2025 03:20 PM

සොරි කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ බ්‍රෝ...

:       0       2

Siri Sunday, 16 November 2025 03:24 PM

තාත්ත රජ කරපු කාලේ නන් විශාල පිරිසක් හිටියා... ආරාධනාව ඒගොල්ල්ලන්ටත් එක්කද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 815 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2460 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1771 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site