
(යොහාන් භාසුර, කීර්ති ප්‍රනාන්දු සහ මහින්ද නිස්සංක)
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද පස්වරුවේ පැවසීය.
බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.
පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.
දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්‍රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.
COMMENTS
පාලිත බ්‍රෝ කිව්වේ බොරුවක්ද ඇමැතිතුමා...?
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන් ඉදිරියෙදී....
ඕකටත් හොඳ නිදහසට කරුණු දෙයි.
තව මදි... තව බත්කන මීහරක් රටේ ඉන්නවා...
මේකෙන් වෙන්නේ ඛනිජ තෙල් වලටත් මාෆියාවක් ඇති වෙන එකයි.
එකක් වැහුවා කියලා දඟලන්න ඕන නැහැ. තව පිරිපහදු තියෙන්නේ.
මේ රට විනාස කොට තමන් පෝසත් වූ දේශපාලුවන්ගේ ප්‍රාතිහාරයයි.
මේ පිරිපහදුව හදද්දී ආණ්ඩු කලෙත් මේගොල්ලෝමයි,
ආනන්ද පාලිතගෙන් ඇමති සමාව ගත යුතුයි.
පඹයෙක් වීරයෙක් කියල හිතන් ජනාධිපති කරවගෙන හොඳටම කරනකොට ඔහොම වෙනවා..හැට නව ලක්ෂෙට ජය වේවා!
මේක වෙන බව අපි දැනගෙන හිටියනේ.. පිළිගන්න බැරිවෙච්චි එකනේ වුණේ...
"මිනිස්සු පයින් යන්න පුරුදු වෙන්න ඕන . ඉස්සර කාලේ මිනිස්සු කාර් වල නෙවෙයි නේ ගමන් ගියේ ." බලශක්ති ඇමැති ඔහොම නොකිවොත් තමයි පුදුම වෙන්න ඕන .
අර හොඳටම කරපු එකායි, දැන් සැපද කියලා අහපු එකායි කොහේද දන්නෑ ඉන්නේ.
දැන් ගම්මන්පිලට සාගර කාරියවසම්ගෙන් බැනුම් අහන්නයි වෙන්නේ... ඉදිරියේදී අපිට දෙපාර්ශවයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා බලන්න ඇහැකි...
ඉරානයෙන් තෙල් ණයට දුන්නා (කලින්) ඒ ණය දුන්නෙ රිෂාඩ් බදුර්දීන්ගේ ඉල්ලීම පරිදි. නැවතත් ඒ ණය ගෙවන්න කලින් ආයෙත් ණයට තෙල් ඉල්ලුවා. ඒකත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නම ඉස්සරහට දාල. තනි සිංහල ඡන්දවලින් පත්උනු ආණ්ඩුව මුස්ලිම් රටවල්වලින් හි්‍ගා කන අපූරුව... ඒ උනාට ලෝකෙ උතුම රට ලංකාව. උතුම්ම ජාතිය සිංහල..
රට ඉවරයි... පුළුවන් හැමෝම පැනගන්න. අනිත් අයටත් උදව් කරන්න.
තෙල් නැතන් ආයතන ටික වහල දාන්න අනික ඔය තෙල් සංස්ථාව පුදිගලික රණය කල යුතුයි තෙල් මිල කීය වුනත් ඒක ප්‍රශ'නයක' නැ.