
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිසහ තවත් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් රැසකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.
ජනතාවට උසස්ම තත්වයේ ශාකසාර නිෂ්පාදන සැපයීම සඳහා කැපවීමෙන් කටයුතු කරන බීම් හෙළ ඔසු ලංකා සමාගම 1994දී ඇරැඹිණි. එම සමාගම වෙළෙඳපොළට නිකුත් කරනඉහළම ඉල්ලුමක් ඇති නිෂ්පාදන අතර ළමයින් සඳහා දෙන ජීව සිරප් හා කප්පරවල්ලිය පැණිය, ශාකසාර පාන වර්ගවලට අයත් බීම් සුව ධරණී හා විවිධ රසවලින් යුතු තේ වර්ග, ඖෂධීය ආලේපන ඛාණ්ඩයට අයත් බීම් බාම් හා කපුරු ක්‍රීම්, ශාකසාර පෞද්ගලික සුවතා නිෂ්පාදන වන අශ්වගන්ධ කරල් හා එඬරු තෙල්,ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන සුදර්ශන කරල් හා සුවෝදා පේයාව ආදිය ප්‍රධාන තැනක් ගනී.
සිය නිෂ්පාදන සහ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මක බව සහතික කරමින්පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට බීම් හෙළ ඔසු ලංකා සමාගම සෑම විටම උත්සාහ කරයි. නවීන තාක්ෂණය සමඟ සිය නිෂ්පාදනවල ස්වාභාවික ශාකසාර බව සහ ඖෂධීය වටිනාකම රැකගැනීම පිළිබඳව එම සමාගමසුවිශේෂ අවධානයක් යොමු කරයි.
ISO 22000:2018 වැනි තත්ව සහතික රැසක් දිනා ඇති බීම් හෙළ ඔසු ලංකා සමාගමේ නිෂ්පාදන දිවයින පුරා පිහිටි බටහිර ඔසුසල්වලින්, සුපිරි වෙළෙඳසල්වලින්, ආයුර්වේද ඔසුසල්වලින් සහ දිවයින පුරා විහිදී සිටින සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් මිල දී ගත හැකිය.
-595
2025 නොවැම්බර් මස 21
90
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
181
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1042
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
Sarath Dharmakeerthi Monday, 22 April 2024 02:19 PM
බීම් සමාගමේ නිෂ්පාදන මා පෞද්ගලිකව පාවිච්චි කරමි. සැබැවින්ම මෙම නිෂ්පාදන විශ්වාසයක් ඇතිව පාවිච්චි කළ හැකි ගුණාත්මක නිෂ්පාදන බව ඔවුනට කරන ගෞරවයක් සේ අවංකව සඳහන් කරනු කැමැත්තෙමි. මෙවැනි ආයතනයක් ඇගැයීමකට ලක් කිරීම පැසැසිය යුතු කරුණකි.