IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිම්ස්ටෙක් තරුණ සමුළුව⁣ට ලංකා කණ්ඩායම යයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් පිටත් වූහ. 

මෙම සමුළුව පෙබරවාරි 7වැනි දා සිට 11 වැනිදා තෙක් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අහමදාබාද් හි පැවැත්වීමට නියමිතය. 

මෙම සමුළුව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළුව විවිධ ක්ෂේත්‍ර සහ ආයතන නියෝජනය කරමින් 10 දෙනෙකු සහභාගී වෙති. දින 4ක්  පැවැත්වෙන මෙම සමුළුවේ දී තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණය යන තේමාවන් ඔස්සේ දේශන, කණ්ඩායම් සාකච්ඡා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් පැවැත්වීමට සැලසුම් කර ඇත.

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC)  යන ජාත්‍යන්තර සංවිධානය,  දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ ජාතීන් 7 කින් සමන්විත වූවකි.  BIMSTEC රටවල් අතර බෙංගාල බොක්ක මත රඳා පවතින රටවල් ඇතුළත් වන අතර, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය මෙහි සාමාජික රටවල් වේ. එම රටවල් බිලියන 1.5  ක ජනතාවකින් හා ට්‍රිලියන 2.5 ක ඒකාබද්ධ ආර්ථිකයන් ගෙන් ද සමන්විත වේ. 



අදහස් (0)

බිම්ස්ටෙක් තරුණ සමුළුව⁣ට ලංකා කණ්ඩායම යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site