(අංජුල මහික වීරරත්න)
කුකුළු මස් හා බිත්තර හිඟයට විසඳුම් ලබා දීම සඳහා මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර ( Hatching Eggs) 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයකදී ලැබීමට නියමිත බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඒච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.
මව් කිකිළියන් ආනයනය කිරීම මගින් බිත්තර හා පැටව් ලබා ගැනීම ප්‍රමාද වන බැවින් රක්කවන ලද බිත්තර ආනයනය කිරීම සිදු කෙරෙන බවද එමගින් මාසයක් වැනි කෙටිකාලයකදී බිත්තර හා මස් පිණිස කුකුළන් ලබා ගැනීමට පහසුවන හෙයින් මෙසේ රක්කවන ලද බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමෝ ඔහේගෙ මොළේ චුට්ටක් හොලවලා බැලුවොත් ලංකාවට කිකිළියෝ හරි බිත්තර හරි නොගෙනත් කිකිළි පැටව් හදන්න බැරිවේවිද කියලා අහන්නම හිතුනා අපිනම් පොල් ගෙඩිය පැහිලද බලන්නෙ එහෙම තමයි ඇත්තටම විදේශ විනිමය වැය නොකෙරෙන වැඩක් හිතට එන්නෙ නැද්දෝ මම නම් පාසලකට ගිහිල්ලා නැහැ මෝඩ කමට ඇහුවෙ වරදක් වුනානම් සමාවෙන්න මහාචාර්යතුමා
දැන් අපි කන්නේ ආනයනය කළ බිත්තර... ලංකාව දැන් මාර පෝසත් රටක්...