IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නීතිය යටතේ ස්ථාපිතකර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව පූර්ණ වශයෙන් රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එමඟින් නිවාස සම්බන්ධිත උකස් ණය පහසුකම් සපයනු ලැබේ. මෙම බැංකු ද්විත්වයම කුඩා වෙළෙඳපොළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් වේ. තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභ දායීත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව හේතුවෙන් එකී බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සහ තැන්පත් කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම යන අරමුණු සහිතව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමටත්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි අදාළ බැංකු විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site