
(මනෝප්‍රිය ගුණසේකර)
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය දුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය රහස් පොලිසියට අද (11) අවසර දුන්නාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කැබිනට් පත්‍රකාව ඉදිරිපත් කළ 2022 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් වශයෙන් කටයුතු කළ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කුෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සංචාරකථ ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුද්ධ ශසන අමාගමික සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක, විදුලලි බල හා බළශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, වෙළඳ හා වාණිජ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ගැනීමටද මහෙස්ත්‍රාත්වරිය අවසර දුන්නාය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සිමැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කළැයි කියන සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර දුන්නාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇතත් අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න පිළිබඳව හෝ එහි සඳහන් කර නොතිබියදී ඇත්ත වශයෙන්ම ඖෂධ හිඟයක් පැවතියේද? යන්න පිළිබඳවව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතු යැයි වැඩිදුරටත් කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස අවසර දුන්නාය.
නඩුව කැඳවු අවස්ථාවේදී නඩුවේ පළමු සැකකරු වන බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා පමණක් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර ඇප මත මුදා හැර සිටින සෙසු සැකකරුවන්ට කැඳවීමක් නොමැති හෙයින් ඔව්හු අධිකරණයේ පෙනී නොසිටියහ.
මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගතවී), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී) සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නමැත්තන් නම් කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල සහ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි යන මහත්වරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණූ දක්වමින් මෙම නඩුවට පාදක වු ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඖෂධ වර්ග 182ක් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඒ අවස්ථාවේ පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතයිද හිටපු ජනාධිපතිවරයාට අමතරව එම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 18 දෙනකු කටයුතු කර ඇතැයිද කීවාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා එම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ රටේ හිඟ ඖෂධ මොනවාද? රටට අවශ්‍ය ඖෂධ මොනවාද? යන්න හෝ සඳහන් කර නැතැයි පෙන්වා දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය එවැනි කරුණු සඳහන් කර නොතිබියදී සත්‍ය වශයෙන්ම රට තුළ ඖෂධ හිඟයක් තිබුණේද? යන්න පිළිබඳව හෝ සොයා බැලීමකින් තොරව කැබිනට් මණ්ඩලය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අවසරය දුන්නේ කෙසේද? යන්න පිළිබඳ සොයා බැලිය යුතු යැයිද කීවාය.
එම කරුණු හෙළි කර ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අවසරය දුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත යුතුයැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලා සිටියාය.
කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන නඩුවේ පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් මානසික වෛද්‍ය සී.ටී.කේ ප්‍රනාන්දු මහතාගේ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළාය.
එම මානසික වෛද්‍ය වාර්තාව වෛද්‍යවරයාගේ සීමාව ඉක්මවා ඉදිරිපත් කර ඇද්ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව පැවසු මහෙස්ත්‍රාත්වරිය ඒ හේතූවෙන් අදාළ වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී තීරණය කරන්නේ යැයිද පැවසුවාය.
අංගොඩ මානසික රෝග විද්‍යාතනයෙන් මීට පෙර දිනයේ අධිකරණයට සපයා තිබු අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණ සේපුවේ තැන්පත් කර තිබු අතර නඩුව ඊයේ (11) කැඳවු අවස්ථාවේ පලමු සැකකරුගේ නීතිඥවරයා කළ ඉල්ලිමකට අවසර දෙමින් අදාළ වෛද්‍ය වාර්තාව කියවා බැලීමට අවසර දුන්නාය.
ඉදිරිපත් වූ සිය`ථ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව ලබන 25 වැනිදා යළි කැඳවීමටද එතෙක් නඩුවේ පලමු සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමටත් නියම කළාය.
පැමිණීල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි සැරයන්වරුන් වන 35124 ප්‍රනාන්දු 61823 මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරීක්‍ෂ ජයන්ත පයාගල මහතා පෙනී සිටියේය”
නීතීපතිවරයා නියෝජනය කරමින් පැමිණීල්ල වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ අසේල විජේසිංහ සහ ගංගානී උක්වත්ත මහත්ම මහත්මීන් සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය පෙනී සිටියාය”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලා වරෙන්කෝ... සීයේ දැන් මක්කැයි කරන්නේ?
රනිල් සීයේ .. ඡන්දෙට අත දිගහැරලා වියදම්කලේ ඔය හොර බෙහෙත්වලින් ගත්ත කොමිස් සල්ලිද? නැත්නම් බැංකුව කඩලා ගත්ත සල්ලිද? නැත්නම් ත්‍රිකුණාමලේ ඉඩම් ඉන්දියාවට දීලා ගත්තු සල්ලිද? නැත්නම්... දැන් ඉතින් දීපල්ලාකෝ උත්තර !!! වැඩේ ගැස්සුනොත් ජීවිතාන්තයටම බලු කුඩුවේ !!!
ඇත්තටම ඔච්චර දුර යනවා නම්, මේ කරන්නේ අවංක පරීක්ෂණයක් නම් ඖෂධ සැපයූ ඉන්දියානු සමාගමේ එතෙර ඒජන්තයන්ද ගෙන්විය යුතුයි. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා එය කළයුතුයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කළොත් ඔයිට වඩා සවිස්තර කරුණු අනාවරණය කර ගත හැකියි. හරියටම ඔවුන් සමග ගනුදෙනු කළ නිලධාරීන් හඳුනා ගත හැකියි. නැත්නම් මේක මේ දේශපාලකයන්ට මඩ ගැහිල්ලක් පමණක් වෙනවා.
උපරිම දඬුවම් දෙන්න ඕනේ කරපු අපරාදයට..
හරි හෝ වැරැදි වේවා... සාමූහිකත්වය රැකීමට ඡන්දය පාවිච්චි කිරීමේ විපාක කාටකාටත් විඳින්න වේවි...!
මුන් වගේ අපරාද කාරයෝ තව විලිලැජ්ජාවක් නැතුව ඡන්දේ ඉල්ලනවා පළපුරුදු කණ්ඩායමක් කියලා මුන් පළපුරුදු මේ වගේ අපරාධ වලට මුන්ට සාප වෙන්න ඕනෑ..
හොරුන්ගේ අම්මාගෙන් පේන ඇහැව්වා නම් ඊට වඩා හොඳ නැද්ද?
අපායේම යන්න..
හා හා එහෙම කරන්න එපා පලපුරුදු කට්ටිය... එයාලා එහෙම වැඩ කරන්නේ නෑ...
රටට අවශ්‍ය තරුණයින් විශාල ප්‍රමාණයකගේ දිවි තොර කිරීමට මුල් වූ මේ අය විධිමත් නඩු විභාගයකින් පසුව ජීවිතාන්තය දක්වාම මහ උළු ගෙදරට යැවිය යුතුමයි...!
මට මතක නෑ, මම දන්නේ නෑ, දැනගත්තත්, මම කියන්නේ නෑ...
ඕක ජොලි සීයා නොදැන කෙහෙළිය තනියම කලා වෙන්න ඛැහැ.මොකද ජොලි සීයා බබාද මේ කෝටි ගණන් වංචාවන් වෙනකොට අහක බලාගෙන ඉන්න. මේව නම් මහ පොලොව උහුලන අපරාධ නෙමෙයිද?
සිලින්ඩර් මුත්තා පහුගිය දවස්වල කලබල වෙලා මඤ්ඤං කියෙව්වේ ඒ හින්දා වෙන්නැති, ඔයාට පුළුවන් වෙයි හරිනිට කෙසේ වෙතත් වැලිකඩ බෝඩිං කාරයන්ට ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න !
තවත් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක්ද?
අනිල්... දැන් මේ විහිළු කට නවත්තලා ගෝලයින් ටිකත් එක්ක ගිහින් කට උත්තරයක් දීලා එන්න. කියන්න ඔයාලා කිසි දෙයක් නොදැන අත ඉස්සුවා කියලා, එතකොට ප්‍රශ්න නෑ...
ජිම් පප්පාට හොඳ වැඩේ..
ඔන්න කවුරුත් බාරගන්න බැහැ කියපු රට බාරගත්ත කෙනාගේ කෙරුවාව. ඔය සාපේ වැදිලා දැන් හොඳටම මනස විකෘති වෙලා තැන් තැන්වල නන් දොඩවනවා මේ මහල්ලා...
ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.. එතුමා ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙයි. පලපුරුද්ද තියෙන, L බෝඩ් නැති අයනේ...?
ඒක තමයි, ඒ කාලේ බේත් හිඟයක් තිබ්බා ? ඇත්තටම එහෙම එකක් තිබ්බද?
ඡන්දෙන් පස්සේ රනිල් හොයන්න ලැබෙන්නෙ නෑ.
මුන් ඔක්කෝමට කෙලෙවුනේ මේ කරපු අපරාධය නිසා
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුනද එම ඖෂධ පිළිබද ප්‍රමිතිය සොයාබැලිය යුත්තේ health authorities මිස ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදුන් ජනපති ඇතුළු ඇමති මණ්ඩලය නොවේ, ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රමිතිය පිළිබද පරීක්ෂණ සිදුව නොමැති නම් ඒ සදහා වගකිව යුතු පිරිස නිතිය හමුවට පැමිණිවිය යුතුවේ. කිසිදු පරීක්ෂණයකින් තොරව ඒ පිළිබද සොයාබැලීමකින් තොරව ( ඔහුව නොමග යවා වෙන්නට පුළුවන ) බාල ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් ඇමතිවරයාත් යම් ආකාරයකට මෙයට වගකිව යුතුවේ. ඇමතිවරයාව නොමග යවා හෝ ඔහුට මුදල් ලබාදී ඖෂධ ගෙන්වූ සමාගම් ද වගකිව යුතුවේ