(නිමන්ති රණසිංහ සහ බී.ජානක)
වැල්ලවත්ත සුවිසුද්ධාරාම ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක බ්ලොග් ගල් කිහිපයක් වැටීමෙන් මෝටර් රථයක සිටි රියදුරෙකු රාත්‍රී මෝටර් රථය තුළදීම මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
මෙම මෝටර් රථයේ සිටි රියැදුරු වාහනය එම ස්ථානයෙන් හැරවීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී මෙම හදිසි අනතුර සිදුව ඇති බව පැවසෙයි .
දැඩි සුළඟින් අදාල ගොඩනැගිල්ලේ බිත්තියක් පෙරළි ඇති බවත් එහි තිබූ බ්ලොග් ගල් කිහිපයක් මෝටර් රථයට කඩා වැටී ඇති බවට නිරීක්ෂණය වන බවත් පොලිසිය පවසයි.
කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා ඌබර් කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ අයකු බවද පොලිසිය සඳහන් කරයි .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර ඉදිරි පරීක්ෂණ සිදුවෙමින් පවතින බවද පොලිසිය කියයි .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බ්ලොක් ගලෙන් ආ මාරයා රියැදුරා ඩැහැගනී
Nimal Saturday, 10 July 2021 08:52 PM
අහිංසක රස්සාවක් කරලා ගෙදර එනකම් කීදෙනෙක් බලාගෙන ඉන්න ඇද්ද...? 'ඔබට නිවන් සුව'
Ajith Sunday, 11 July 2021 03:57 AM
මේකට ගොඩනැගිල්ලේ අයිතිකරු හෝ කොන්ත්‍රාත්කරු වගකිව යුතුයි.