(අංජුල මහික වීරරත්න)
බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා මුළු විපක්ෂයම එක ගමනකට එකතු වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව විපක්ෂයේ පක්ෂ නායකයන් දඩයම් කරනවා නම් ඊට එරෙහිව සියලු දෙනා එක්ව රොද බැඳ සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උත්සවය අමතමිනි.
විපක්ෂයේ පක්ෂ නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම සංවත්සර උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
විපක්ෂ නායකයින් නිශ්ශබ්ද කර ඒකාධිපතිවාදයක් හදන්න යනවා. අපි මේකට මුහුණ දෙමු.විපක්ෂයේ නායකයන් අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව අපි එකට ඉමු.අපි බය නැතුව ඔවුන් සමඟ ඉදිමු.ඒ අය හිතන්නේ අපි මේකට යටත් වේවි කියලා. ඒ නිසා අප මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යා යුතුයි.
කවුරුදු 78ක් කලේ මොකක්ද කියා අහනවා.
අපි අධ්‍යාපනය සෞඛ්‍ය දියුණු කළ තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.අද විදුලි බලය නැත්තේ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තියෙනවද?
ඕන කෙනෙක්ට හම්බ කරන්න අප විවෘත ආර්ථිකය ගෙනාවා. ඕන තරම් උදාහරණ තියෙනවා.මගෙන් අහන්න එපා. වසන්ත සමරසිංහ ඇමති තුමාගෙන් අහන්න. අප ප්‍රභූ පන්තියට දේශපාලනය සීමා කළේ නැහැ.ජනාධිපති සර්වජන ඡන්දයෙන් තේරුණා.රණ සිංහ ප්‍රේමදාස ,මෛත්‍රීපාල සිරිසේන, අනුර දිසානායක ජනාධිපති වුණා. ඒ ක්‍රමය හැදුවේ කවුද?
අපේ බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කරන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මෙතැනින් ඉදිරියට යා යුතුයි. මේ රැස්වීමෙන් පස්සේ අපි විසිර යන්නේ නෑ. එකතුව යා යුතුයි. ඔක්කොම පක්ෂ එකතු වෙලා රට වටේම රැස්වීම් දාහක් තියන්න.එතන එකතු වෙන බලවේගය බලන්න.
මෙතනින් නවතින්න බැහැ.ඊළඟ පියවර ගත යුතුයි. අපි මේ ගමන යමු.එකට එකතු වෙමු.
(ඡායාරූප: සුමුදු හේවාවිතාරණ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බහු පක්ෂ ක්‍රමය රකින්න මුළු විපක්ෂයම එක්වෙනවා
ලයන් Saturday, 20 September 2025 04:27 PM
ලෙඩ දාහක් තියෙනව කියල මැරෙන්න වැටිල හිටිය මිනිහෙක්, දොස්තරල දැම්ම පන යයි කියලා දැඩිසත්කාර ඒකකයට, ලෙඩ තියෙනවා කියලා බොරු සහතික දීලා, දවස් 4 ක් ගියේ නැහැ ගෙදර... රටේම මිනිස්සු තෙරුම් ගත්තා, ලෙඩේ ගජ බින්නයක් කියලා. මෙයාව ජනතාව හොදට අදුරනවා, ඔක්තෝබර් මොනවගේ ලෙඩක් හැදෙයිද දන්නේ නෑ..
ගුණරත්නSaturday, 20 September 2025 06:14 PM
දැන්වත් විපක්ෂයේ පක්ෂ මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒකාධිපති ක්‍රමයක් ගේන්න කියලා තේරුම් ගත් එක හොඳයි. කොමියුනිස්ට් ක්‍රමයේ කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැහැ. ලෝකේ කොහේද කොමියුනිස්ට් පක්ෂයක් ආණ්ඩු කරන ප්‍රජාතනත්රවාදී ක්‍රමයක් තියෙන්නේ? කොහෙවත් නැහැ. මේ අනතුර තේරුම් අරගෙන ඊළඟ ඡන්දය (එහෙම එකක් තිබ්බොත්) මුන් පලවා හරින්න දැනගන්න ඕනෑ.
කපුරුහාමි Saturday, 20 September 2025 06:13 PM
බොරු බේගල් ගහලා ජනතාව අන්දවපු කාලේ දැන් ඉවරයි. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු දූෂිත දේසපාලුවන්ට නඩු පිට නඩු වැටිලා පෝලිමේ හිරේට යන්ඩ වෙයි කියලා බය වෙලා ඉන්නේ.දූෂිත දේසපාලුවන්ගේ එකමුතුව කියලා නමක් තමා ගැළපෙන්නේ?