(යොහාන් භාසුර)
නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කරන ආනයනික බහලුම් සංඛ්‍යාව මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
සාමාන්‍ය දිනකදී නිෂ්කාශනය සඳහා ආනයනික බහලුම් 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයක් ඉදිරිපත් වන බවත් එම ප්‍රමාණය ඉක්මවා යමින් පෙරේදා (28) පහළුම් 1774 ක් සහ ඊයේ (29) බහලූම් 1600 කට වැඩි සංඛ්‍යාවක් නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර තිබූ බවත් සීවලී අරුක්ගොඩ මහතා කීය.
රේගු නිලධාරීන් බහලුන් අංගන තුනේම නිවාඩු නොලබා සේවය කරමින් මේ වන විට එම තදබදය අවම කරගැනීමට කටයුතු කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා මෙම සති අන්තය අවසන් වන විට තදබදය සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කීය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බහලුම් නිෂ්කාශනයේ දැඩි තදබදයක්