IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෙහෙත් නැතුව පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමක

(යොහාන් භාසු)

පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නත ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කරාපිටිය සහ යාපනය මහ රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක ටැබ්සුබාබ් එන්නත ඇතුළු ඖෂධ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

පියයුරු පිළිකා එන්නත් 1000 ක් ලබාගැනීමට ප්‍රසම්පාදන අනුමැතිය හිමිව තිබුණත් එන්නත් 500 ක් පමණ ලබාගෙන රෝහල්වලට බෙදාහැර හැරියත් එම එන්නත්ද අවසන් වීම නිසා පියයුරු පිළිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කිරීමට නොහැකිවී තිබෙන බවට රෝහල් අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දි තිබේ.

පිලිකා රෝගීන්ට අඛණ්ඩව ප්‍රතිකාර කළයුතු වුවත් මෙම ඖෂධ හිගයෙන් රෝගී සත්කාර සේවා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගීන් 3000 ක් පමණ වර්ෂයකට ප්‍රතිකාර සදහා එක්වන බවත් මහරගම අපේක්ෂා රෝහලෙන් රෝගීන් 1000 ක් පමණ දෛනිකව නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (3)

බෙහෙත් නැතුව පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමක

bempi Sunday, 04 September 2022 04:46 PM

දැන් අපේ රටේ රෝහල්වල නැති බෙහෙත් ගබඩා කරලා තියෙන්නේ ජනාධිපති නන්දසේනගේ ගෙදර... ඇත්ත නේද?

:       2       4

fairoos Sunday, 04 September 2022 04:50 PM

කමක් නෑ. රට හොරකාපා නන්දසේනගේ විදමත් රාජයෙන්ම ගෙවමු.

:       2       1

Silva Sunday, 04 September 2022 05:25 PM

ඒකට කමක් නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරානේ පාර්ලිමේන්තුව ආරක්ෂා කර...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 402 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site