(රංජිත් රාජපක්ෂ)
හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ පොඩයිස් වත්ත එන්සි කොටසේදී අද(02) පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන්ගත් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.
අනතුරෙන් පාසල් ළමුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 18 දෙනෙකු තුවාලලබා රෝහල් ගත කර ඇති අතර තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු කියා සිටියහ.
තුවාල ලැබු පාසල් ළමුන් අවු 10 – 18 වයස් වල පසුවන ළමුන් බවද පැවසේ.
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථය මාර්ගයෙන් අඩි 25 පමණ ඉවතට පැන ඇත. එම මාර්ගය දැඩි ලෙස වලවල් හෑරී තිබීම නිසා බස් රථය වලකට වැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිසුන් 30ක් ඇතුළු 48ක් රෝහලේ
සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 October 2020 08:39 AM
අනේ.. අහිංසක සිසු දරුදැරියන්ට සිදුවූ දේ ගැන කණගාටුයි. පාරේ වළවල් වගේම මේ බස් සේවාවන්වල තිබෙන දුර්වලතාද එමටයි. මේවා බලධාරින් නොදකින හැටි...
Raveendra Friday, 02 October 2020 09:25 AM
"පාරේ තිබෙන අඩුපාඩු ගිණුමට ඔක්කොම බැරකරලා දාමු" මොකෝ විනීත රියදුරන්ගේ මෙන්ම බස් රථයද කිසිඳු අඩුපාඩුවක් ඇත්තේම නැහැනේ.. කෙසේවෙතත් අහිංසක දු දරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
Asanka Friday, 02 October 2020 09:49 AM
අනේ අපොයි.., පුංචි දූලා පුතාලා ටික දෙවියෝම රකින්න ඕන. බලධාරීන්ගේ වැරැදි. මේ දුෂ්කර පළාත්වල මාර්ග සංවර්ධනයට සල්ලි යොදවන්නේ නැහැ.